මහා සැර අව්වක් නැතත් බෝ පත් අස්සෙන් ඉර එළිය පෙරාන බිම ට වැටිල.... හඳුන්කූරු සුවඳ,මල් සුවඳ, ගාථා හඬ වගේම වාහන වල සද්දේ ත් එක්ක අමුතු හැඟීමක් හිතට දැනෙන්න ගන්න අතරේ මම ගිහින් බෝ මලුවේ ඈත කොනකට වෙන්න ඉඳගත්තාම ධිර් ත් ඇවිත් මගෙ එහායින් ඉඳගත්තා.... මෙතෙන්ට එන්න එකම හේතුව ධීර් නෙමෙ...මමත් එක හේතුවක්.... මට ඕන වුනා මගෙ ආදරේ වෙන කෙනෙක් ගෙ ආදරයක් වෙනුවෙන් අඬනවා දැක දැක ඉවසන්න....මට ඕන වුනා එහෙම ඉවසන්න මගෙ හිතට හයිය ගන්න... කොටින් ම මට ඕන වුණා මේ හැමදේම නොදැක්ක නොදැනුණු ගාණට ඉන්න...මම බොළඳයිද....? මම දන්නෑ.....එහෙම වුණත් මම මේ සංවාදය කරන්නෙ මම එක්ක...ඉතින් මට කිසි ප්‍රශ්නයක් නෑ...." මල්ලි....." මම හිත හදාන මම.ම කතා කලා....
මොනා වුණත් මම එයාට ආදරෙයි....
" අයියේ.......?"
" ඔයාට අපි හිත හදාගනින් කිව්ව පමණින් ඒක කරන්න බෑ කියන්න මම හොඳට ම දන්නවා....මොකද හැඟීම් කියන්නෙ සෙල්ලම් කරන්න පුලුවන් ගොඩට වැටෙන දෙයක් නෙමෙයි......ඒත් මල්ලි දැන් හැඟීම් වලට ඔයාව පාලනේ කරලා බලන් ඉන්න පුලුවන් කාලයක් නෙමෙයි මේක......"
" ඇත්ත..... මට මෙහෙම ඉන්න බෑ.......එයා එයාගෙ ජීවිතේ හොයන් යන ගමනේ මම එක නැවතුමක් විතරයි නම්....මම නැවතිලා ඉඳලා වැඩක් නෑ.... මම මේක ඉවර කරන්න ඕන....හැබැයි මෙහෙම නෙමෙ.."
" ඒ කිව්වේ.....?"
" මම ආය එයාව මූණට හම්බනොවෙන්න වැඩබලා ගන්නවා....."
" ඒක ඔයාගෙ තීරණයක්..."
" ෆෝන් එක පොඩ්ඩක් දෙන්න...."
" අහ් ??"
"මගෙ ෆෝන් එක බං......."
"ආ...." මම සාක්කුවෙන් අරන් ඒක එයාට දික් කලා....
" මම ගෙදර යනවා.....මගෙ ප්‍රශ්න ඔයාලා ගෙ වෙන්න දෙන්න බෑ ...."
" එහෙම එකක් නැහැ ධීරව්..... උඹව මට කරදරයක් නෙමෙ..."
" හ්ම්ම්...... "
" ඇයි ධීරව් උඹ ඔහොම හිතන්නෙ......?"
" මොකද්ද ?"
" උඹ ඇයි හැමවෙලෙම තනිවෙන්න බලන්නේ... "
YOU ARE READING
Until infinite - අනන්තය තුරාවට...
Romance" එක පාරට හැරිලා බලන්නෙපා... හිමීට හැරිලා බලපන්..." ".........." " ඇයි ඕයි උඹ එපා කියන දේ ම කරන්නෙ ...." " ඌ මූණෙ අතුල්ලන් ඉන්න පාට ටික නම් ඌටම තමා හරියන්නෙ.." " ඇයි?" " බලපන්..... නිල් පාට..... හෝලි ෆෙස්ටිවල් එක්කට සල්ලි දීලා ඇවිත් වූ නිල් පාට ටිකක...