7.හෝලි ft වලි🤭

67 10 7
                                    


"පොඩ්ඩක් රොමෑන්ටික් වෙයල්ලකො බං ඔහොම අදින්නෙපා කෙල්ලගෙ අත ගැලවිල එයි..."
යුගාන් කිව්වෙ මිලාන් මිනේරා දෙන්නගෙ Rehearsal බලන් ඉන්න ගමන්...
යුගාන් සතීර ශාරදා තුන්දෙනාට කලකිරිල හිටියෙ දෙන්නගෙ ප්‍රැක්ටිස් එක නිසා...

"සූකිරි ලස්සනට කරනව...මේ පගා තමයි රොබෝ කෙනෙක් වගෙ..."
"යකෝ මං රොමෑන්ටික් ඇක්ට් කරල නෑ සතීරයා..."
"පොඩ්ඩක් Eye contacts දීපං බං...ඔය සිංදුව One sided love ගැනනෙ...හිතපං පොඩ්ඩක් උඹට සූකිරි ගැන එහෙම එකක් තියෙනව කියල වත්.."
යුගාන් කියද්දි මිලාන් ඇස් ලොකුකරල යුගාන් දිහා බැලුවා....
"මොකද...රවන්නෙ..."

Hardcore ප්‍රැක්ටිස් එකකට පස්සෙ පෆෝමන්ස් එක ලෑස්ති කරගත්තා...හෝලි එකට කලින් දවසෙ රෑ Organizing committee එකේ හය හත්දෙනා එකතුවුනේ ඉතුරු පොඩි පොඩි වැඩ ටිකක් ඉවර කරගන්න...පොඩි පොඩි උනාට කට්ටියට සෑහෙන්න මහන්සිවෙන්න උනා...මිලාන් මිනේරා දෙන්නත් කොමිටියෙ ඉන්නවා...

"පණ ගියා ඕයි...මං හිතුවෙ නෑ මෙච්චර වැඩ තියෙයි කියල..."
විරාජ් කිව්වෙ කට්ටිය එක්ක ඔඩිටෝරියම් එකේ බිම වාඩිවෙලා ඉන්න ගමන්...
"කොහොමහරි දැන් ඉවරයිනෙ...සතුට සමරන්න සිංදුවක් එහෙම කියල විසිර යමු නේ..."
රවිඳු කිව්වා...
"සිංදු කියල කිව්ව ගමන් මතක්වෙන්නෙ මිලාන්ව...හදවතේ ගායකයා බං උඹ..."
"උඹලට මාව පේන්න බෑ නේ විරාජ් අයියෙ.."
මිලාන් කිව්වෙ ඔලුවෙ දාන් හිටපු කැප් එක ගලෝලා අනිත් පැත්ත හරවලා දාගන්න ගමන්...
"ඔන්න ඔය ගිටාර් එක මූට දීපන්...කවුරුහරි වීඩියෝ එකක් ගනින් FB page එකට දාන්න...අපේ පේජ් එක වේලෙනවා..."

"දීහං බලන්න..."
මිලාන් ගිටාර් එක අරන් ටියුන් කරගත්තා...
"මිනෝ ගිටාර් එක ඇඟේ වදින්නෑනේ..."
"නෑ නෑ ඒයි..."
මිනේරා වාඩිවෙලා හිටියෙ මිලාන්ගෙ එහා පැත්තෙ...එයා හොඳටම දන්නෙ මිලාන්ව විතරයි නෙ...ඉතින් නැට්ට වගේ මිලාන්ගෙ පස්සෙන්ම එනවා...

"ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ"

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now