ඉතින් නොනිමි ඉවරයි...!!!මගෙ පළවෙනිම Nonff එක,මගේ පළවෙනිම ලංකාවෙ Love story එකක් ගැන ලියවුන කතාව තමයි ඔයාල ඒ කියෙව්වෙ...
මං සාර්ථකද...?
මට හිතෙනවා මං ඒක හොඳට ලිව්ව කියල...
කතාව ඇතුලෙ ජීවන අත්දැකීම් එහෙමත් චුට්ටක් යොදාගත්තා...
මං Counseling Diploma එක කරන කාලෙදි කොළඹ පලාතෙ සෑහෙන්න ඇවිද්දා...මිලාන්නයියෙක් එක්ක නෙවෙයි ඇත්තටම තනියෙන්...😅
ඉතින් ඒ ඒ තැන්...ඒ ඒ පුංචි අත්දැකීම් කතාව ඇතුලෙත් ඇති..චරිත විදියට ගත්තොත් අපිට ගොඩාක්ම කතාකරන්න තියෙන්නෙ කොල්ලො තුන්දෙනා ගැන...මොකද මිනේරා ශාරදා ගැන මං කතාවෙ කියල ඇතිනෙ...
මිලාන් කියන්නෙ නෙල්ලි ගෙඩියක් වගේ කොල්ලෙක්...
එලියට පේන්නෙ දඩ Look එකක් තියෙන තද පොරක් වගේ...ඒත් ආශ්රය කරන්න ගත්තම තමයි එයාගෙ එක එක Versions active වෙන්නෙ...
හරියට නෙල්ලි ගෙඩිය හපල බලද්දි රස පහක් දැනෙනව වගේ...
කතාව මුලදි හිටපු ආදරණීය බෝපැලේ වගේ කොල්ලා chapter එක ගානෙ ඉස්සරහට යද්දි එයාගෙ Anger issues ගැන සෙස්සි ගතිපැවතුම් ගැන ආදරේ වෙනම පැත්තක් ගැන මං ලියල ඇති...
#මටලාදුරුනෑනෙමිනෝඑතකොට යුගාන්...
ආදරවන්තයෙක්ට වඩා ආදරණීය අයියා කෙනෙක්...මැර පවුලක ඉන්න උණුවෙන හිතක් තියෙන කොල්ලෙක්...සතීර...
තනි පිස්සා...ඒත් සංවේදී මනුස්සයෙක්...මිනේරත් අර කිව්ව නෙල්ලි ගෙඩියම තමයි...ඒත් එයා එයාගෙ ආදරණීය සුරංගනාවිව එයාගෙ ඇතුලෙ බලෙන් හිරකරගෙන හිටියෙ...
ශාරු...කෙල්ලෙක්ට හම්බවෙන්න පුලුවන් හොඳම යාලුවෙක්...
එයාල ගැන කිව්ව ඇති...
මට ඕනෙ උනේ මිලාන් සසංක මදනායක කියන character එක අමතක නොවෙන විදියෙ චරිතයක් කරන්න...
මෙච්චර කාලෙකට මගේ අතින් Create වුන ලස්සනම පිරිමි චරිතෙ එයා කියල මං හිතනවා...
කොටින්ම කතාව පටන්ගනිද්දි කවදාවත් බඳින්නෑ කියල හිතපු මේ මගේ තීරණෙත් මිලාන් කෙනෙක් ඕනෙ වගේ තැනට පත්වෙලා...විශ්වාස නොකලත් ඇත්තක් කියන්නද..?
කතාවෙ Hot Romantic scenes ලිව්වට,ආදරේ බොක්කටම වැදෙන දේවල් ලිව්වට,pregnancy ගැන ලිව්වට ඕතර් තාම සිංගල් සහ ඕතර්ට කවදාවත් රිලේෂන්ශිප් එකක් තිබිල නෑලු...මං නොහිතුව තරම් ප්රතිචාර ලැබුනා...සාමාන්යෙන් වට්පෑඩ් වල GxB වලට ඉල්ලුම සහ Reads අඩුයි...ඒත් මං ආසාවට ලිව්ව කතාව ගොඩාක් අය ආදරෙන් වැළඳගෙන තිබුනා...
මගෙ Whatsapp එක නොනිමි වලින් පිරිලා...
මට ඒ ගැන දැනෙන්නෙ ලොකුම ලොකු සතුටක්...
කියෝපු අයට කතාව ඉවරවෙද්දි දුක හිතුනලු...
ඇත්තටම මට කොච්චර දුක හිතුනද කියල ඔයාල දන්නෙ නෑ...ආයෙම මගෙ අතින් මේකෙ chapters ලියවෙන්නෑ කියල මතක්වෙද්දි මට ලොකු දුකක් දැනුනා...
අනිත් එක මං මගේ Stress එක release කරගන්නෙ මේ වගේ කතා ලියලා...මගෙ ජීවිතේ මං තනිවුන තැන්වලදි මං ලිව්වා...
මං ආසදේ ගැන මං ලිව්වා...
ඔයාලා ඒව කියවද්දි මට සතුටුයි...කතාව කියවපු ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි...වෝට් කමෙන්ට් කරපු නොකරපු හැමෝටම මං ආදරෙයි...
ඉතින් සයුරු දෙව්දූ එක්කත් ඔයාල එකතුවෙනවද..?ඊටකලින් ඔයාලගෙන් දෙයක් අහන්නද...මං කැමතියි කතාව කියවලා මෙතනට එන හැමෝගෙන්ම මට වචන වලින් කමෙන්ට් එකක් ලැබෙනවනම්...කලින් ඒවට කමෙන්ට් නොකරට කමක් නෑ...
මේකට විතරක් හරි...මිලාන්ගෙ ආදරේ,මිනේරගෙ ආදරේ ඔයාලගෙ හිතට දැනුනෙ කොහොමද...?
මට ඒකට වචන කීපෙකින් උත්තරයක් දීල යන්න පුලුවන් ද...?
මේ අවසන් නොවෙන නොනිමි ආදර කතාව එක්ක එකතු වුන හැමෝටම මං ආදරෙයි...ඔයාලව අමතක කරන්නෙ නෑ...
Author ,
Misora🍓විශේෂ ස්තූතිය :
කතාව ලියන්න මට ලොකුම Inspiration එක වුන,මේ දවස්වල Science degree එකේ Final year එකේ වැඩ ගොඩට යටවෙලා ඉන්න ඒ තුන්බෑ ජටිලයොන්ට...🎀
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️