Epilogue ❤️

46 5 4
                                    


නොනිමි - Epilogue ❤️

අද උදේ හරි කලබල දවසක්...මිලාන් උදේම මිනේරව කේන්ති ගස්සවල තිබුනෙ වොෂින් මැෂින් දැම්මම සවුත්තු වෙන ෂර්ට් වගයක් මැෂින් එකට දාලා...ඒව හොඳටම ඇදිල ගිහින්...උදේ ඉඳන් මිලාන් බැනුම් අහනවා...

ඒත් මිලාන් සද්ද නැතුව ඔෆිස් කාමරේ වැඩක්...
ටික වෙලාවකින් එයා එලියට ගියේ කෑම මේසෙ උඩින් රතුපාට ලොකු ලියුම් කවරයක් තියලා...ඒකෙ උඩ මිලාන්ගෙ තඩි පොල් අකුරෙන් "මිනෝට," කියල ලියල තිබුනා...

Confuse වුන මිනේරා කවරෙත් අරන් කෑම මේසෙ පුටුවකින් වාඩිවුනේ මිශේන්වත් ලඟින් තියාගෙන...

මිනෝට,

අවුරුදු උත්සවේදි කුණුමුත්තා කියල මාව චාටර් කරපු නම්කි එක්ක මෙච්චර දුර එයි කියල මං හිතුවෙ නෑනෙ...මාර දෛවෙ නේත...එදා කසුන් මාව ඉස්සරහට යැව්වෙ නැත්නම් ඔයාව දකින්නෙත් නෑ...මට ෆැකල්ටියෙ කාඩ් එකකුත් හැදුනා කුණුමුත්තා කියල...
මතකද ඊටපස්සෙ අපි ෆොටෝ ගහන්න ගිය දවස...මනුස්සයෙක්ට විනාඩියක් ඇතුලත එච්චර වචන ගොඩක් කතාකරන්න පුලුවන් කියල මං දැනගත්තෙ ඔයාගෙ කියවිල්ල ඇහුවට පස්සෙ...පුදුම වේගයක්නෙ ඒක...එමිනම් ඇහුවනම් රැප් කරන එකත් සදහටම නවත්තනවා...
ඒත් මිනෝ දන්නවද....මට එදා තමයි ඔයා ගැන ආදරේ හිතුනෙ....
මං සෑහෙන්න ට්‍රයි කලා...එක්කො ඔයාට තේරුන්නෑ එක්කො ඔයා ඒවගේ රඟපෑවා...කොටින්ම සිහිල් මාරුතේ පෆෝමන්ස් දවසෙ වෙලාවට අරකි අණ්ඩ පන්නගත්තෙ කියල හිතුනා...Thiricannu wagay nethe...
ඒ ඩාන්ස් එක...ඔයා මං ගාවට කිට්ටුවෙද්දි මගෙ පපුවට අත තියපු වෙලේ පපුවෙ සම්පූර්ණ ඔකෙස්ට්‍රා එකක් ප්ලේ වෙනව ඔයාට දැනුනෙ නැද්ද....ආදරේට Cudu none...
හැබැයි මට පණ යන්න ගියේ ඔයා ඇක්සිඩන්ට් වෙච්ච දවසෙ...මං හිතුවෙ ඔයා ඉවරයි කියල මිනෝ...අරකිව අහුවුනානම් මං අමුවෙන් කනවා ඒවෙලාවෙ...මගෙ ඔලුව විකල් උනා...ඔයාට මොනවහරි උනානම්...

කොහොමහරි ඔයාව දාගත්තු දවස තමයි වස්තුවේ දවස...මට ඔයා නැතුව ඉන්නම බැරි සීන් එකක් තිබුනෙ...මං ඇහුවොත් ඔයා අකමැති වෙයිද...මාත් එක්ක තරහ වෙයිද කියල බය උනා මිනෝ...මට ජැක්සන් ගෙ හොම්බට අනින්න හිතුනු වාර අනන්තයි...ඇයි යකෝ ඌ ගැන කියෝනව මට ඉරිසියයි...මට හිතුනා යකෝ මේ මට එන්න තිබුන ලවක් නේ ජැක්සන් ට යන්නෙ කියල...අන්තිමට ජැක්සන්ට නෙවෙ මගෙ මිනෝව මට හම්බුනා නේ....
ඒ උනාට මං පට්ට ඉරිසියයි...ඔයා ෆැකල්ටියෙ උන් එක්ක කතාකරද්දි අවිශාන් එක්ක කතාකරද්දි පවන්ලා තව ඔයාගෙ ගමේ කොල්ලො යාලුවො එක්ක කතාකරද්දි මට ඉරිසියයි...මං දන්නව ඔයා එහෙම නෑ කියල ඒත් මං ඉරිසියා කරා සෑහෙන්න...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now