Milan's pov.මිනෝ මහ මොන ජාතියෙ කෙල්ලෙක්ද මන්දා...කරොත් මේවගේ වැඩක් තමයි...ඒත් එයා දන්නවද දන්නෙ නෑ එයාගෙ තෑග්ග මට කොච්චර වටිනවද කියල...
අපේ ඇත්තටම තෑගි හුවමාරු කිරිලිවලට වඩා තිබුනෙ කන එක තමයි...ටික් ටොක්වලින් යූටියුබ් ව්ලොග්ස්වලින් හොයාගෙන එක එක තැන්වලට ගිහින් කනවා...
කැම්පස් එකේ කරපු performances,හෝලි එක කාලෙ Viral වුන දේවල් එක්ක යන යන තැනදි මොකෙක් හරි අපිව අඳුරගන්නවා...ඒ මදිවට සතීරගෙ Youtube channel එකෙත් අපි නිතර දකින්න හම්බෙනවනෙ...ඌ ෆේමස් පොරක් දැන්...හැබැයි කාටවත් confirm නෑ අපි කපල් එක කියල...මායි මිනෝයි කොහේ ඇවිදින්න ගියත් මිනෝ අඩුගානෙ අයිස්ක්රීම් එකක් හරි එයාගෙ සල්ලි වලින් මට අරන් දෙනවා...හැම එකටම මං කාඩ් එක දික්කරද්දි රවන රැවිල්ල බලන්න ආසයි...එයා කියන්නෙ මං දවසක මේ සේරටම හරියන්න ඔයාට තෑග්ගක් දෙන්නම් කියල...ඒ මං හිතන එකද දන්නෙ නෑ...
හෙට සෙරමනි එකට ඇඳුම් ටික අම්මා මැදල තියලා...මං අද තව වැඩක් කරන්නත් එක්ක ඉන්නෙ...
"ලොකුපුතා...මෙන්න ඇඳුම් එල්ලුවා...මොකද්ද දාන ටයි එක..."
"මේක..."
මං ඇඳේ ඉන්නගමන්ම අම්මට ටයි එකත් එක්ක තියෙන බොක්ස් එක දුන්නා..."Emerald green...හරිම Royal look එකක්නෙ තියෙන්නෙ...ගණං ඇති මේක කවද්ද ගත්තෙ..."
"ඕක...හම්බුන එකක්..."
"කවුද ඔයාට ටයි දෙන යාලුවා...""අම්මෙ මට ලොකු දෙයක් කතාකරන්න තියෙනව ඔයාල එක්ක..."
"ම්ම්...මොකද්ද ඔච්චර බරපතල දේ ආ..."
"මං ලන්ඩන් යන්න කලින් ඔයාලට වගකීමක් දීල යන්න හදන්නෙ..."
"වගකීමක්...ඔයාට දරුවෙක්වත් ඉන්නවද ආ...අපිට හදාගන්න දෙන්නද යන්නෙ..."
"අපෝ අම්මෙ භයානක විහිලු කරන්නෙපා..""එන්නකො යන්න තාත්තත් එක්ක කතාකරමු..."
උසාවිය ඉදිරියට යනව වගේ දැනෙන්නෙ...හැබැයි තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි..එයා එක්ක කතාකරද්දි comfortable මෙතන සීන් එක මට ලැජ්ජයි..."පාලිත...පොඩ්ඩක් එන්නකො මේ ලොකූට මොනවද කතාකරන්න තියෙනවලු..."
"මොකද්ද හදිස්සියෙ..."
තාත්තා ෆෝන් එක පැත්තකින් තියලා සෝෆාවෙ කෙලින් වෙලා වාඩිවුනා..අම්මත් එහාපැත්තෙන් වාඩිවෙද්දි මියුරුත් ආවා...
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
No Ficciónඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️