30.තංගල්ල බෙලිඅත්ත❤️💍

74 5 30
                                    


Minera's pov.

අපි බඳින්නයි යන්නේ....ඕයේ....
කසාදෙ අමාරුම ටික මං හිතන්නෙ මේ උදේට මනමාලිව හමගහලා මේකප් කරන ටිකද කොහෙද...
අපෙ අක්කා කාපු කට්ට දැකල තියෙන නිසා මං තෝරගත්තෙ බර අඩු කැන්ඩියන් එකකුයි ජුවලරි සෙට් එකකුයි...කොහෙද මිලානෝට ඕනෙලුනෙ කැන්ඩියන් එකෙන් දකින්න...කොහොමත් Going away එකට චේන්ජ් කරනවා...

නුගේගොඩ greenway එකේ වෙඩිම තිබුන නිසා මං හොටෙල් එකේ ඉඳන්මයි ඇන්දෙ...මිනිහා ගියා එයාගෙ සැලොන් එකට...ඊටකලින් එයත් හොටෙල් එකේ තමයි හිටියෙ...

උදේ හතරටත් සැලොන් එකේ අක්කා මට අන්දවනවා...මං කියලම මේකප් අඩුවෙන් දාගත්තා නැචුරල් විදියට ඉන්න ඕනෙ නිසා...

ඒ වෙලාවෙ රූම් එකේ ජනේලෙ ගාවින් ඡායාවක් එහාට යනවා මෙහාට යනවා සැරින් සැරේ...

"උමා...එක්කෙනෙක්ට සෑහෙන්න හදිස්සියි වගේ..."
"ඔව් ශාරු මටත් පේනවා ජනේලෙ ගාවින් නිල මැස්සෙක් එහෙට යනවා මෙහෙට යනවා..."
"අනේ පව් උමාෂි මිලාන් අයියට නිලමැස්සා කිව්ව නේද..."
"ඉතින් නිමා මොකද්ද එයාට ඔච්චර හදිස්සිය...මං ඇඳන් ඉන්නෙත් බාගෙට...අන්න අර කර්ට්න් එක දාන්න ශාරු...."

ශාරු කර්ට්න් එක දාන්න ගියා...

"මිලාන් අයියෙ...යන්න දැන් මෙතනින්...මනමාලි ඔයාව එලවන්න කිව්වා..."

මිලාන් අයියා උත්තර දෙන්න කලින් ශාරු ජනේලෙ කර්ට්න් එක දැම්මා...පව් කියලත් හිතෙනව අනේ...

ෆොටෝ ගහන්න හයවෙද්දි එන්න කිව්වා...හොටෙල් එකේ මාරම ලස්සන ලොකේෂන් තියෙන නිසා කොහෙවත් යන්න ඕනෙ වුනේ නෑ...දැන් වෙඩින් වීඩියෝ එකට රඟපාන්නත් එපෑ...පැනල ගියානම් සැපයි...

වීඩියෝග්‍රැපර් අයියට first look එක නැචුරල් විදියට ගන්න ඕන කිව්වා...
ඉතින් මට පේනවා මිලානෝ පිටිපස්ස හැරිල ඉන්නවා...ඇත්තටම එයා මාව දැක්කෙ නෑ...

දැන් ගිහින් තට්ටු කරපංකො...මේ රෙද්ද පැටලෙනව...
මං ඉතින් පුලුවන් තරම් ලස්සනට ඇවිදගෙන ගිහින් මිලානෝගෙ පිටට තට්ටු කලා...යකෝ මං හීල්ස් දාලත් මූ මට වඩා පට්ට උසයිනෙ..

මිලාන් අයියා හැරෙනවත් එක්කම අර මූණ පුරා යන හිනාවෙන් මූණම පිරිලා ගියා...අපෙ ආච්චිට අනුව පින් පාට හිනාව...යැයියැයියැයි තමයි...
ඊටපස්සෙ අපිට හග් කරන්න කිව්වා...මිනිහා මාව ටිකක් වෙලා හග් කරන් ඉඳල මාව පොඩ්ඩක් එහාට කලා...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now