"මිලානෝ මං උරහිසේ ටැටූ එකක් ගහන්නං"
"එපා..."
"අනේ...ටැටූ එපාද..."
"ඔය අත් දෙකක්ම තියෙන්නෙ ගහගන්න..."
"ඇයි ඉතින් ශෝල්ඩර් එක ලස්සනයි නෙ..."
"අනේ මේ ඒක ගහද්දි ටැටූ ආටිස්ට් ගෑනුන්ගෙ තනේ උඩ නගිනවා..."
"මොකක්...?"
මිනේරට බකස් ගාල හිනා ගියා...
"අර චමත් එහෙම ගිහින් ගෑනුන්ගෙ ඇඟ උඩ ඉන්නෙ...සැක්..."
"චමත් අයියා තමුසෙගෙ යාලුව නේද..."
"යාලුව උනත් ගෑනුන්ගෙ තනේ උඩ නගින එක අනුමත කරන්න බෑනෙ...හුththe ටයි ගැටෙත් ඇදයි..."
මිලාන් ටයි එකත් ඇදල දැම්මෙ පොඩි එකෙක් වගේ පුම්බගෙන..."කෝ මෙහෙ එන්න...අර ස්ටූල් එක කෝ.."
මිනේරා කාමරේ තිබුන චූටි ස්ටූල් එකක් ගෙනත් ඒකට නැගලා ටයි එක මිලාන්ගෙ බෙල්ලට දාලා ගැටේ ගහන්න පටන්ගත්තා...
"මොකද මිලාන් අයියෙ මූණෙ හැටි...දෙහි බෑයක් කැවිල වගේ.."
"මට අද යන්න බෑ අනේ..."
"අද විතරක් යමු චූටි පුතේ...හෙට යන්නෙපා..."
මිනේරා ටයි එක දදා කියද්දි මිලාන්ගෙ මූණෙ හිනාවක්...
"ඔයා අපෙ අම්ම වගේ සමහර වෙලාවට...එයත් ඉස්සර ඔහොමයි...මං ඉස්කෝලෙ යන්න බෑ කිව්වම..."
"මිලානෝ මට පොඩි කෙල්ල කිව්වට ඔයාගෙත් ඇඟ විතරයි ලොකු...තාම දෙක වසරෙ mindset එකක ඉන්නෙ..."
"එතකොට දෙකවසරෙ කොල්ලො කෙල්ලොන්ගෙ තන අල්ලන්න එන එක සාමාන්‍යයිද...ඔයා counselor නෙ...කියන්නකො..."
"තනේ විතරමයි ඔලුවෙ තියෙන්නෙ තමුසෙගෙ...හැබැයි මෙහෙමයි...චූටි දරුවො තමන්ගෙ Private parts අල්ල අල්ල ඉන්නව කියන්නෙ ඒ දරුවා ගොඩක් තනිවෙලා ඉන්නෙ කියන එක...ගොඩක්ම පිරිමි ළමයි...ඒ දරුවොන්ට අවදානෙ ගොඩාක් ඕනෙ වෙනවා..."
"පොඩි විතරද ලොකු කොල්ලොන්ටත් තනිකම දැනුනම තමා Pri---""ඇති ඇති...කට වහගන්න...මුකුත් කියන්න බෑනෙ තමුසෙට...සැක්..."
මිනේරා මිලාන්ගෙ කට අතින් වහගෙන කිව්වෙ ඔරවගෙන...ටයි එක දාලා කෙල්ල ස්ටූල් එකෙන් බැහැලා සාරියෙ රැලි ටික හදාගත්තා...
"බඩ පේනව වැඩියි...."
"ඒහ්...වැඩිද..ඉන්න මං හදාගන්නම්..."
"හැට්ටෙ කර කැපිලා වැඩි නැද්ද..."
"ඔයාට එහෙම හිතෙනවනම් මං වෙන සාරියක් අඳින්නම්...මේ හැට්ටෙ ඊයෙ මහල ගෙනාවෙ..."
"එපා ආයෙ මාරුකරන්න ඕනි නෑ...ලස්සනයි ඔහොම..."
"දැන් බඩ පේනව වැඩී කර කැපිල වැඩී කිව්වෙ එහෙනම්..."
"ඒක මෙහෙම පොටෙන් හදාගන්න...ඔන්න ඔහොම...අනික ඔයා අද මං එක්කනෙ යන්නෙ...කවුරුහරි බැලුවොත් කන පලනවා..."
මිලාන් මිනේරගෙ සාරි පොට පපුවෙ පේන ටික වැහෙන්න හදද්දි මිනේරා කොල්ලගෙ මූණ දිහා බලන් හිටියා...
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️