18.Finally We met...❤️

92 9 0
                                    

මිලාන් ලංකාවෙ හිටපු සති දෙකෙන් පස්සෙ ආයෙම ලන්ඩන් වලට පිටත් වුනේ මිනේරවත් එක්ක...මොකද්ද හේතුව කියල දන්නැති වුනත් මිනේරත් නිවාඩු දාල ආවෙ ආසාවෙන්...

දෙන්නා ගිහින් නැවතුනේ මිලාන් වැඩ කරන Company එකටම අයිති 5 star හොටෙල් එකක...

"මේ හොටෙල් එකට බර ගානක් යනවනේ මිලානෝ..."
"නෑ...මං Employee කෙනෙක් නිසා බාගයයි ගෙවන්න ඕනෙ...අපෙ බොසා එහෙම කියල තියෙන්නෙ....."
"අම්මටසිරි...මේ View එක...."
"රෑට තමයි ලස්සනම...තව රෑට බලන්නකො..."
"ඒක නෙවෙ මිලානෝ මාව අනිද්දට පොඩි ගමනක් එක්ක යන්නකො..."
"කොහෙද යන්න ඕනෙ..."
"මෙන්න මේ තැනට...ජැස්සන්ගෙ pop up store එකක් දානවා...නිකං ගිහින් එමු..."
"ඇතුලට යන්න පුලුවන් ද..."
මිලාන් කිව්වෙ මිනේරා ෆෝන් එකෙන් පෙන්නපු තැන බලන ගමන්...
"Vipලට විතරයි පුලුවන් ඒත් අපිට ශොප් එකට යන්න පුලුවන්..."
"යං...කොහොමත් අනිද්දට ඔයාව Event එකකට එක්ක යන්නත් තියෙනවා...".

"මොකද්ද තියෙන්නෙ..."
"Fashion Event එකක්...ඒකට Sponsor කරන්නෙ අපේ Course එක කරන Company එකෙන්...අපේ ප්‍රොෆෙසර්ගෙ හොඳම ගෝලය මංලුනෙ...පාස් දෙකක් හම්බුනා..."
"ගොට්ට අල්ලනව නේ..."
"අල්ලනව මං කියන්නෑ..."

"ඊටපස්සෙ ප්ලෑන් මොනවද...?"
"ඇවිදිමු...මෙහෙ සෑහෙන්න බලන්න තැන් තියෙනව...මං ඔයාව London Eye එකට එක්ක යන්නම්..."
"නියමායීඊඊඊ"

මිලාන් මිනේරගෙ ඔලුව අතගෑවා...

ඒ හොටෙල් රූම් එක තිබුනෙ 8 වෙනි තට්ටුවෙ...මාරම ලස්සන View එකක් එතනට තියෙන්නෙ...රූම් එකත් මාරම ලස්සනයි...

"මිනෝ අපි කන්න යමු නේද..."
"යමු..."

මිලාන් මිනේරගෙ කරට අතදාගෙන පල්ලෙහා Resturent එකේ buffet එකට ආවා...

Milan's pov.

අපි කාලා එද්දි වෙලාව රෑ නමයත් පහුවෙලා...ලන්ඩන් වල ලස්සනම වෙලාව මේ...මුලු Area එකේම buildingsවල light දාලා...London Eye එකෙත්...

"බව්..."

ඇඳ උඩ වාඩිවෙලා එලිය බලන් ඉන්දෙද්දි නිකං කර උඩට හූනෙක් වැටුන වගේ දැනුනෙ...
හූනෙක් නෙවෙයි හැබැයි...මිනෝ එහා පැත්තෙන් ඇවිත් කරේ එල්ලිලා...

"හූනෙක් වැටුන කියල හිතුවෙ...
"අපහාස කරන්නෙපා හරිත..."

මිනෝ කරේ එල්ලීගෙනම රවුමක් කැරකිල ඇවිත් මගෙ අත් දෙක උඩට වැටුනෙ හෙන Dramatic විදියට අතකුත් දික්කරං...හරියටම කිව්වොත් ඉන්නෙ මගෙ කකුල් දෙක උඩ...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now