12.Birthday!?🥲

78 8 4
                                    

"සුදුමහත්තයෝ...කිරි කැටියෝ...තමුසෙට කීපාරක් කියන්නද...දියකිරි මුලින් ඊටපස්සෙ මිටිකිරි දාන්නෙ...
මගෙ මොලේ රිදෙනවා..."

මිනේරා 47746889 වතාවටත් මිලාන්ගෙ දියකිරි මිටිකිරි පටලැවිල්ලට කෑගහනවා...හැමදාම පරිප්පුවට දෙක මාරුකරගන්න එකමයි වැඩේ...
"අද හරියට දැම්මා...කෑගහන්නෙපා මිනෝ.."
"කිව්වෙ නැත්නම් මිටිකිරි එකනෙ වක්කරන්න ගියේ..."
"හරි හරි මිනිස්සුන්ටනෙ වරදින්නෙ..."

"කෝ බත් එකට වතුර කොච්චර තිබ්බද...පෙන්නන්න..."
"මෙච්චරයි..."
"ඔය වැඩියි අයියේ...අඩු කරන්න..."
"ඔයා කිව්වෙ දෙවනි පුරුකෙ මේ ගානට දාන්න කියලනෙ.."
මිලාන් පරිමාණෙ පෙන්නුවෙ මැදඟිල්ල උස්සලා...
"ඒවනම් කරන්න පුලුවන්...විකාර නොකර අඩුකරන්න වතුර..."
"මගෙ පුරුක් දිගයි යකෝ ඉතින් ඒකට මං මක් කරන්නද..."
මිලාන් කුටු කුටු ගගා වතුර අඩුකලා...

මිනෝට වෙලාව පාන්දර තුනත් පහුවෙලා...මිලාන්ට නම් උදේ...පවන් වැකේෂන් ගිය නිසා මිනිහා තනියෙන් ඉන්නෙ...උයන්න ගිහින් පිස්සු කෙලිනව හැමදාම...වෙලාවට මිනේරට නිවාඩු...Final Exams ඉවරයි...ඒත් එයා ගෙදර යන්න අකමැති නිසා බෝඩිමෙම තමයි හිටියෙ...පාට් ටයිම් ජොබ් එකක් විදියට එයාගෙ ප්‍රොෆෙසර් කෙනෙක් කරගෙන යන Counseling center එකක වැඩ කරනවා...

මිලාන් ගිහින් දැන් මාස හතක් විතර...මිනේරට ජීවිතේට එච්චර පාලුවක් කවදාවත් දැනිල නෑ...මිනේරගෙ ජීවිතෙන් කොච්චර ලොකු කොටසක් මිලාන් වෙනුවෙන් වෙන්වෙලා තිබුනද කියල තේරෙන්න ගත්තෙ මිලාන් ඈත් වුනාට පස්සෙ...

"මොකද්ද ඔය සද්දෙ...වහිනවද මිනෝ..."
"ඔව්...හයියෙන් වහිනව එලියෙ..."
"අපිටත් සීතලයි අප්පා සේරම freeze වෙනවා එලියට ගිය ගමන්..."
"මටත් හිම ඕනෙ..."
"හිම ලස්සන උනාට ආතල් එක තියෙන්නෙ හිමේ ඉන්න ගියාම...හම්මෙහ්..."
"වහින නිසා සීතලයි අප්පා..."
මිනේරා ෆෝන් එක අතේ තියන් බ්ලැන්කට් එක අස්සෙ ගුලිවුනා...
                     .............................

Milan's pov.

"සීතලයි නම් අත් දිගට මොකක් හරි ඇඳගන්න මිනෝ...පටි මඟුලක් ඇඳන් ඉන්නෙ..."
මං ලොකු කමෝන්ඩෝ ගේමක් දීලා උයාගත්තු කෑම ටික වහල නිදාගන්න කාමරේට ඇවිත් ඇඳේ මුණින් වැටිලා ෆෝන් එක ඉස්සරහින් තියාගත්තා...
"රෙදි නෑ මනුස්සයෝ...තෙතයි...ඉස්සරහට නිර්වස්තරෙන් ඉන්නවෙයිද දන්නෑ..."
"එහෙම උනොත් වීඩියෝ කෝල් එකක් ගන්න..."
"ශික්...තමුසෙගෙ අසහනේ වැඩි වෙලා දැන්..."
"මං අවුරුදු 25ක නිරෝගී පුරුෂයෙක් මිනෝ..ඒක අසහනේ නෙවෙයි අවශ්‍යතාවක්..."
"අම්මෝ අම්මෝ සයන්ස් ඩිග්‍රි අයියෙ මට තේරුනා..."
ආයිෂ් මේකිගෙ හිනාව...මට පාලුයි...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now