"මිනෝ..."
ඒ එක්කම තිබුනු තත්පර කීපෙක නිහඬතාවෙකින් පස්සෙ ෆෝන් එක කට් වුනා..."උමාෂි...මොකද...Client මොනවහරි නරක දෙයක් කිව්වද..."
මිනේරගෙ එහාපැත්තෙ හිටපු දිලීප ඇහුවෙ මිනේර අඬනව දැකලා..."නෑ දිලීපයියෙ මං හිතන්නෙ මට පිස්සු හැදිලා..."
"උඹ මට අයියෙ කියන්නෙපා බං දිලීප කියල විතරක් කියපන්.."
මූණ බෙරිවෙලා හිටපු මිනේරට පුංචි හිනාවක් ගියා....
"එක්කෙනෙක් සිංදුවක් කිව්වා...මං හොඳට දන්න කෙනෙක්ගෙ කටහඬක් ඒක...එක්කො මට තමයි දැන් කවුන්සලින් ඕනෙ..."
මිනේරා මූණ අත්දෙක අස්සෙ හංගගෙන කිව්වා...
"ආ...එහෙම කෝල් එනව හිටපු ගමන්...සමහරවිට සනීප වෙච්ච Client කෙනෙක්ද දන්නෙ නෑනෙ...හිතන්න එපා..."
"සල්ලි ගෙවල සිංදු කියන්න තරම් ට්‍රැක් මිනිස්සුත් ඉන්නවද දැන්..."ඒ අන්තිම කෝල් එක නිසා වැඩ ඉවරවෙලා එලියට ආවෙ හවස තුනට විතර...හෙට ඉඳන් Weekend...ඒ නිසා බෝඩිමෙත් තනියෙන් ඉන්න වෙන්නෙ....
මිනේරා හිතුවෙ එයා හිතනව වැඩි නිසා එක එක කටහඬවල් ඇහෙනව ඇති කියල...
"කීපසැරයක්ම එයාව හීනෙන් දැක්කා...අද කටහඬ ඇහෙනවා...මං එක්කො මෑම්‍ට කියනවද මේ ගැන...මට මේනියා හැදීගෙන එනවද කොහෙද..."
මිනේරා තනියෙන් කියව කියවම බෝඩිමට ආවා...අසිහියෙන් ඇවිත් මඩවලකත් කකුල දාගෙන සාරියෙත් මඩ...
"මො..මොකක්...මං දොර වහල නෙවෙයිද ගියේ...දෙයියනේ මට නම් ඇත්තටම පිස්සු හැදිල තියෙන්නෙ...."
බෝඩිමේ දොර හායි ගාල ඇරල දාල...ඒත් උදේ දොර වහපු බව මතකයක් තියෙනවා...නංගිත් නෑනෙ...
"හොරු පැනලද දන්නෑ....කෝකටත්...."
මිනේරා දොරකඩට ඇවිත් සෙරෙප්පු දෙක ගලවලා එක සෙරෙප්පුවක් අතට ගත්තා...
හෙමින් ගෙට ඇවිත් ඉස්සරහ සෝෆාවෙන් බෑග් එක තියලා කුස්සිය පැත්තට ගිය මිනේරා කුස්සිය ඇතුලට ආවා..."ඔයා ඇවිත්...පරක්කුයිනෙ..."
"මට මේනියා...යාහ්...මට පිස්සු හැදිලා...මෑම්ට කිව්වනම් හරි...දැන් නම් හොඳටම වැඩියි...."
මිනේරා අත් දෙකම ඔලුවට තියාගෙන කිව්වෙ අතේ තිබුන සෙරෙප්පුවත් බිමට වැටෙන්න ඇරලා...
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️