Minera's pov."අයිසේ නිශාන් මං මෙච්චර පැහැදිලිව කියල තමුසෙලව ඔතෙන්ට යවලත් මොකද්ද මේ වෙලා තියෙන්නෙ...ආ...මෙහේදි හොඳට කරලා දැන් එතනදිම වැඩේ හාලා...ඕනෙ ඕනෙ විදියට Approval දෙන්නයි Proposals decline කරන්නයි තමුසෙලට පුලුවන් නම් මං මේකෙ Chairman වෙන්න ඕනෙ නෑනෙ..."
මං දෝණිවත් අරගෙන මිලාන්ගෙ කැබින් එකට යද්දි එයා ෆෝන් එකෙන් කාටද මන්දා බනිනවා...මං ආව කියල දන්නෙ නෑ...පුටුව අනිත් පැත්ත හරෝගෙන ඉන්නෙ...
දැන්නම් මටත් හිතෙනව ආයෙ ගියානම් හොඳයි කියලා...මොකද මේ වෙලාවෙ ඇඳුම් ගන්න යමුද ඇහුවොත් ඩෝං ගාවි..."Mistake...තමුසෙල අතින් වුන මිස්ටේක් වල හැටියට තමුන්ලව මේකෙන් fire කරේ නැති මට ගහන්නෝනෙ අම්මප...දැන් මට කියල මරෝගන්නැතුව ෆෝන් එක තියලා සදර්න් කම්පැණි එකට කතාකරල කියනවා වැරදීමකින් Proposal එක Decline වුනේ Chairman හෙට Office time එකේදි කතාකරනව කියල..."
ෆෝන් එක කට් කරලා මිලාන් ෆෝන් එකත් ටේබල් එකට විසික් කරල දැම්මා...ඒ එක්කම පුටුව හරියට කරකවගනිද්දි තමයි එයා අපිව දැක්කෙ...
යක්ෂ බැල්ම හිනාවක් වුනේ දෝණිව දැක්ක ගමන්...
"ඔයාල කොයි වෙලාවෙද ආවෙ මිනෝ...අනේ මං කෝල් එකකනෙ හිටියෙ..."
මිලාන් නැගිටල ඇවිත් මගෙ ඔලුව අතගාලා එයාගෙ අතට එන්න දඟලන දෝණිව වඩාගෙන තුරුලු කරගත්තා...
"සුදුරෝසි...තාත්තව බලන්න ආවද ම්ම්...මිනෝ...ගිහින් වාඩිවෙන්න...හිටගෙන හිටියට උස යන්නෑ..."මං හිතල කොට උන එකක් යැ...මං එහෙම්ම ගිහින් CEOගෙ මහලොකු පඬුපුල් ආසනේ වාඩිවෙද්දි මිලාන් ටේබල් එක ඉස්සරහ පුටුවෙ වාඩිවුනා...
"කාටද මිලාන් ඔයා කෑගැහුවෙ...මට ආයෙ හැරිල යන්න හිතුනා...බය වෙනවනෙ..."
"මේ HR මැනේජර් කෙනෙක්ට...ඔයාට කියන්න මිනෝ මේ යකා සදර්න් එකෙන් ආපු ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් Decline කරල දාල...සදර්න් එක අපිත් එක්ක හිත හොඳින් වැඩකරන කම්පැණියනෙ මිනෝ...උන් තරහ උනොත් මට මල හත්තිහු**ක් වෙන්නෙ...සදර්න් එකෙන් මේල් එකක් ඇවිත් නිකං බූට් කාපු එකෙක්ගෙන් වගේ...ඔයාලගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ සුදාම්මිගෙ හිත රිදුනා...තලහයි හුම්...වගේ එකක්..."
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️