කොල්ලොනේ...
"දිසඳ පුතාහ්..."
"අඩෝ අන්න එනව මාව හංගපංකො කොහේහරි..යකෝ මං ඕලෙවල් ලියල ඉවරයි කියපංකො මේ මනුස්සයට..."
"ආ...දිසඳ පුතා ක්ලාස් එකේ ඉන්නවනේ...අනේ පුතා...යාලුවෙක් එක්ක පොඩ්ඩකට එන්නකෝ ඩ්‍රාම රූම් එකට උඩැක්කි වගයක් ගෙනියන්න තියෙනවා..."
"අහ් හරි මැඩම්...ඒ යුගාන් වරෙන්කො..."
"තොටත් මාවමයි පේන්නෙ..."ඉස්කෝලෙ ඩ්‍රාම උගන්නන ජනනි මැඩම් මොන වැඩේ තිබුනත් හොයාගෙන එන්නෙ මිලාන්වමයි...හරිම ලාලිත්‍යකට කතාකරන මැඩම් නරක නැති වුනත් ඕලෙවල් ඩ්‍රාම කරල දැන් ඒලෙවල් බයෝ කරන මිලාන්ගෙන් පුලුවන් උපරිම වැඩ ගන්නත් එයා අමතක කලේ නෑ...
මේත් ඒවගේ වෙලාවක්...හිස් පීරියඩ් එකක පන්තියෙ කයිය දාං ඉන්න වෙලාවෙ සයන්ස් ක්ලාස් එකට ඔලුව දාපු ජනනි මැඩම් මිලාන්ව ගෙන්නගත්තෙ නැටුම් කාමරේ තිබුන උඩැක්කි හය හතක් ඩ්‍රාමා රූම් එකට අද්දවගන්න...
සේරටම වඩා මිලාන් කේන්තිගන්නෙ මොකෙක්වත් නොකියන එයාගෙ පළවෙනි නම වෙච්ච දිසඳ කියන එකෙන්ම මැඩම් කතාකරන එක...වැඩේ කරල දීල මිලාන් යුගාන් එක්ක ක්ලාස් එකට ආවා...
"අඩෝ උඩැක්කියා..."
"පවනා මරෝගන්නෙපා මට කියාලා..."
මිලාන් පුටුවක් ඇදන් වාඩිවුනා..."ජනනි මැඩම් ඉස්කෝලෙ පීරල හරි එයාගෙ දිසඳ පුතාව හොයං එනවනෙ බං...බලපං ඒ ආදරේ..."
"උඹනම් කියයි සචිත් මහ මල වදයක් තියෙන්නෙ...යුගාන් මුන්ට තේරුම් කරපන්කො..."
මිලාන් යුගාන්ගෙ පිටට ගහල කියද්දි යුගාන් හිනාවුනා...මිලාන්ට ඕනෙ වුනේ යුගාන්ව ආයෙ එයා කලින් හිටපු තත්වෙටම ගේන්න...මාස කීපෙකට කලින් නැතිවුන යුගාන්ගෙ නංගිගෙ මතකෙ තාමත් කොල්ලට හොඳටම රිද්දනවා...යුගාන්ව තනි නොවෙන්න මිලාන් පවන් එක්ක අනිත් යාලුවො සෑහෙන්න හයියක් වෙලා හිටියා....
"අද ක්ලාස් යන්නත් එපෑ...එපාවෙනව ඉතින්..."
පවන් කිව්වෙ ඩෙස් එකට ඔලුව ගහගන්න ගමන්...ඒලෙවල්වලට තව මාස තුනයි...ඒක ඉවරවුනත් මේ සෙට් එක ආයෙ ඉස්කෝලෙ එන්න ඕනෙ Prefectship එක හම්බවෙන්න තියෙන සෙට් එකක් නිසා...වැඩ වැඩ...
ඉස්කෝලෙ ඇරියට පස්සෙ සෙට් එකම බස් එකකට නැග්ගෙ නුගේගොඩට යන්න...සෙට් එක කිව්වෙ පවන් මිලාන් යුගාන් තුන්දෙනා...මිලාන්ගෙ ගෙදර නුගේගොඩ නිසා යුගාන් නම් ගොඩක් වෙලාවට එහෙ ගිහින් කෑමත් කාල ක්ලාස් යන්නෙ...පවන් මග බහිනව එයාලගෙ ගෙදරට යන්න...
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️