කෙල්ලොනේ✨️

44 4 0
                                    

"තාරඟනා මැදිනා දිසි සුබ්‍රකරා ලෙස සොමි ගුණෙනා.......
ඒ රාවණ රාවණ නැගි ශක්‍ර සුරාසුර සමගි වනා....
තෝරමිනා කිරණා දිසි අග්‍ර මිනෙව් කිරුළත දරනා.........
නාරායන නිති නා දිසි දීර්ඝ තිලෝසත රැක දෙමිනා......"

"උමාෂී...මට පේනව ඔයා හොරට අඩි තියන්නෙ...කෝ එන්න ඉස්සරහට...කපටිකමට පිටිපස්සට ගිහින්..."

මධූ ටීච කතාකරද්දි මිනේරා පෝලිමේ හෙමීට ඉස්සරහට ගියා...
දහය වසර ABC පන්ති තුන...මධූ ටීච වගේම සෙක්ෂන් හෙඩ්ටත් ආම්බාන් කරන්න අමාරුම පන්ති තුනක්...විශේෂෙන්ම මිනේරා ඉන්න 10 B පන්තිය...

මිනේරා පෝලිමේ ඉස්සරහට එද්දිම ටීච දැක්කෙ කෙල්ලගෙ කකුල් දෙක...

"ආ...ජීන්ස් නෑ..ඒකයි මේ පෝලිමේ පිටිපස්සට ගිහින් තියෙන්නෙ නේද...මං හැමදාම කියනව ඩබල් පීරියඩ් දවසට ජීන්ස් එක ගේන්න කියල...."
"හෝදන්න දැම්ම ටීච...ගන්න අමතක වුනා..."
"හරි ශෝක්...අදට විතරයි චාන්ස් එක...ආයෙ එන්නෙපා හෙලුවෙන් නටන්න මෙතන...හරි...ආයෙ ඉරට්ටිය ගන්න..."

"තක දිත් තක දොම් කිත් තත් කිටිතක තරිගත දිකුදම් දොම්ත දොම්ත ගත තක්‍රතත් ගුහිදිගදිරිකිට තා..."

"උමාෂියි සනුමියි පොඩ්ඩක් නවතින්න...බෙල් එක ගැහුවනෙ...අනිත් අය යන්න..."
"ඇයි ටීච...?"
ටීච ගාව බිමින් කකුල් දෙකත් නවන් වාඩිවුන මිනේරා ඇහුවා...

"ළමයි අපිට නැටුම් තරඟ තියෙනවා...දිස්ත්‍රික් තරඟ වලට ප්‍රැක්ටිස් නෙක්ස්ට් වීක් එකේ ඉඳන් පටන්ගන්න ඕනෙ..."
"නටමු ටිච.."
"නටන්න නම් ඕනෙ සනුමි...ඔයාල දෙන්න විතරනෙ grade 10 වලින් ඉන්නෙ...11 නෙ අනිත් සේරම...දෙගොල්ලොම අරන් හවස්වරු වල ප්‍රැක්ටිස් වෙන්න වෙන්නෙ...නැත්නම් වීකෙන්ඩ්ස් වල...ඔයාලට ක්ලාස් තමයි ප්‍රශ්නෙ නේද...?"
"අපි අක්කලත් එක්ක කතාකරලා දාගමු ටීච...මට නම් පළාත් සිලෙක්ට් නොවී ආයෙ එන්න බෑ..."
මිනේරා කිව්වෙ ලිහුණ කොණ්ඩ පටිය ගැටගහන ගමන්....

"හරි හරි...දැන් ක්ලාස් එකට යන්න...දුවන්න..."

"එහෙනම් ටීච,අපි ගියා..."

උගන්නන ළමයි සිය ගාණක් අතරින් මධු ටීචගෙන් වැඩියෙන්ම බැනුම් අහන ඒත් ටීච ගොඩක් ආදරේම ළමය තමයි මිනේරා...ඉස්කෝලෙ බාහිර වැඩ අටෝරාසියක් එක්ක ඉගෙනගැනිල්ලත් බැලන්ස් කරගෙන ඉන්න කටකාර දඟකාර මිනේරව ඉස්කෝලෙ හැමෝම දන්නවා...
නොදැන බෑනෙ...උදේට ඉස්කෝලෙ ප්‍රධාන රැස්වීම මෙහෙයවන්නෙත් එයා වෙච්ච කොට...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now