31.හීන?!

85 5 4
                                    

Minera's pov.

කසාද බැඳල ඇවිත් අපේම ගෙදරක ගතකරන පළවෙනි උදෑසන...
කවදාවත් නොතිබුන ලස්සන හීනයක් හැබෑවෙලා...හීනෙ හදපු එක්කෙනා තාම හීන දැක දැක බබා වගේ නිදි...

හතත් පහුවෙලා...මං හෙමීට නැගිටලා මූණ හෝදල ඇඳුමක් දාගෙන පල්ලෙහාට ආවා...
ගෙදර හදන පළවෙනි කෑමවේල හදන්න ඕනෙ...

ඊයෙ රෑ හතට විතර අපේ අම්මල ඇවිත් ගොඩාක් බඩු දීල ගියා...එළවලු,පොල්,තුනපහ කහ ලුනු ගම්මිරිස් වගේ එව්ව මෙව්ව ටිකයි හොඳ හාල් ගෝනි දෙකතුනකුයි තව මස් මාලු අනංමනං වගේ කුස්සියෙ බඩු තමයි ගොඩක්ම...තුෂාර මාමා අලුත්ම අලුත් ඉස්සො දැල්ලො කකුළුවොත් ගෙනත් දුන්නා...

අපි දෙන්නා ඊයෙ රෑ සේරම තෑගි කඩල බැලුවා...මොකද බඩු ගන්න කලින් එතන තියෙන දේවල් ටික Organize කරන්න ඕනෙ නිසා...
ඇත්තටම අපිට හැමදේම තෑගි හම්බෙලා...අනිත්වා වව්චර්ස් වලින් ගන්න පුලුවන්...
ඉතින් එතන කුස්සියට ගන්න තියෙන ටික කුස්සියට අරන් අනිත් ඒවත් සේරම පිලිවෙලකට ඕනෙ තැන්වල ප්ලේස් කරාට පස්සෙ තමයි අපිට හරියටම ගෙදර මූඩ් එක හැදුනේ....

ඉතින් දෙන්නටම ඊයෙ හොඳට නින්ද ගියේ මහන්සියටමයි...ඒත් මට උදේම ඇහැරුනා...

කිරිබත් ටිකක් හදන්න හාල් ලිපේ තියලා මගෙ චිකන් හොද්දත් ලිපේ තියලා මම කට්ට සම්බෝලෙට ලූණු කපන්න පටන්ගත්තා...
අපේ බව් බබත් නැගිටලා කූං කූං ගාන නිසා එයාගෙ කිරි එකත් දුන්නා...

"Good morrrning pineapple
Looking very good Very Nice~~~~~
Good morrrning pineapple
Looking very good Very Nice~~~~~"

ඔන්න නැගිටල එනවද කොහෙද ස්වාමිපුරුෂයා...කොහෙන්ද මන්දා ටික්ටොක් එකෙන් පයිනැපල් සිංදුවක් හොයාගෙන මල වදේ...

"Good morrrning pineapple
Looking very good Very Nice~~~~~"

"අනේ ඕක මහ අප්පිරියයි මිලානෝ..."
"නෝනෙ මගෙ සුදු නෝනේ.....මොනාද හදන්නෙ..."
"ගෙදර උයන පළවෙනි වේල නිසා කිරිබත් හදනවා...මගෙ හස්බන්ඩ් ආස නිසා අර චිකන් හොද්දත් ලිපේ...මේ කට්ට සම්බෝලෙට ලූණු කපන්නෙ..."
මිලාන්ගෙ අත්දෙක මගෙ බෙල්ල වටේ එතුනා...

"මගෙ ලක් එක මිනෝ..."
"ලක් එක කියල දෙයක් නෑ...Hardworking නිසා තමා ඔයාට මාව හම්බුනේ..."
"ම්ම්ම්...ඇත්ත ඇත්ත..."
"තේ හදන්නද .."
"හරියෝ..."
මිලාන් කුස්සියෙ තියෙන පොඩි කෑමමේසෙ පුටුවෙන් වාඩිවුනා...මං වතුර උණුවෙන්න දාලා මග් දෙක එලියට ගත්තා...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now