"කුක්කු පැටියා නැගිටින්න...මං තේ හදන්න යන්නෙ..."
උදේ වෙලා...ශාරදා කොට්ටෙකුත් බදාගෙන නිදං හිටපු මිනේරව හොලවලා ඇහැරෙව්වා...කොණ්ඩෙත් වටේම ඉහිරවගෙන පස්සත් උඩදාගෙන නිදං ඉන්න මිනේරා හරි කියුට්..."ගුඩ් මෝනින් ශාරූ...අම්මෝ සීතලයි...වෙලාව කීයද..."
"අටට දහයයි..."
"මං මූණ හෝදං එන්නම්..."
"හ්ම්...කුස්සියට එන්න ඈ..."මූණ හෝදලා කොන්ඩෙ ගුලියකුත් ගහගෙන මිනේරා කුස්සියට ගියා...
"චූටි බබා ඇහැරලා...ගුඩ් මෝනින් සූකිරි..."
"ගුඩ්මෝනින් යුගාන් අයියෙ...ශාරු මට කුක්කු පිටි ඕනෙ..."
"අරුණ අයියා හරි...හයවසරෙ වගේ මේකි...කෝ මිලාන් නිදිද තාම..."
"ඕකා ගැන මගෙන් අහන්නෙපා සතීරයියෙ...මං හිටියෙ ශාරුල එක්ක..."
"අහන්නෙපා නම් මේ අයියල අහන්නෑ..."
යුගාන් ශාරදා දිහා බලල ඇස් වලින් ඇයි ඇහුවා...ශාරදා ඔලුව වනලා මිනේරට තේ එක හදන්න පටන්ගත්තා...
ඇත්තටම හරියටම මිනේරා තමයි බාලම...ශාරදාගෙයි නිමාදිගෙයි Birthdays දෙකම පෙබරවාරි...මිනේරා ඒ අවුරුද්දෙම සැප්තැම්බර්...දෙදාස් එකේ...
කොල්ලො තුන්දෙනා දෙදාහෙ...මිලාන් මාර්තු යුගාන් මැයි සතීර ඔක්තෝබර්....
හරියටම බැලුවොත් මිලාන්ගෙයි මිනේරගෙයිත් අවුරුදු එකහමාරකට කිට්ටු පරතරයක් තියෙන්නෙ...මිනේරා නිමාදිට හේත්තු වෙලා කිරි එක බොන අතරෙ මිලාන් නැගිටලා කුස්සියට ආවා...
"ආ බොසා...සුබ උදෑසනක්..."
සතීර කිව්වා...
"මොන සුබද ඕයි නින්ද ගියෙත් නෑ..."
"තේ බොනවද..."
ශාරදා ඔරවගෙන ඇහුවා...
"එපා ශාරදා බොන්න බෑ...""සතීරයියෙ කීයටද යන්නෙ..."
"නමය හමාර වෙද්දි වාහනේ එවනව කිව්ව සූකිරි...ඒ වෙද්දි ලෑස්තිවුනාම ඇති..."
"එහෙනම් මං යනව ඇඳගන්න...නාලා කොණ්ඩෙ වේලගන්නත් ඕනිනෙ...."මිනේරා නැගිටල කුස්සියෙන් එලියට ගියා...
"මොකද්ද මිලාන් උනේ..."
"පොඩි වලියක් යුගාන්..."
"ඔව් යුගාන් අයියෙ සෑහෙන්න පොඩි වලියක්...උමාව ඇඬෙව්වා මෙයා...කෙල්ල අපේ කාමරේ නිදාගත්තෙ ඉකි ගගහ..."
"මොකද්ද ඕයි මේ කියන්නෙ...තමුසෙ ඒ කෙල්ලට බැන්නද...?"
"උඹලටත් ඒක විතරයි පේන්නෙ...මේ බලහන් මිනෝ මට ගැහුවා..."
මිලාන් කිව්වෙ කම්මුල පෙන්නන ගමන්..
"අහේතුකව ගහන්න සූකිරිට පිස්සු නෑනෙ මිලාන්...උඹ ඔය කෙල්ලව මරාගන්නද හදන්නෙ..."
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️