13.යුගාන්.....

59 10 0
                                    

හරිම ඉක්මනට අවුරුද්දකුත් මාස ගානක් ගෙවිල ගිහින්...මිනේරත් 1st class එකක් එක්ක Graduate වුනා...මිලාන්ට එන්න බැරිවුනත් එහේ ඉඳන් මිනේරට තෑගි ගොඩක් යවන්න එයා අමතක කලේ නැහැ...

මිලාන්ගෙ Course එකත් එක්ක කොල්ලා මාරම බිසී...කෝල් කරන වෙලාවටත් මිලාන් ඉන්නෙ හරි මහන්සියෙන්...Hardcore course එකක්....තව අවුරුදු එක හමාරක් තියෙනවා....

යුගාන් සතීර දෙන්නත් දැන් හොඳ Company දෙකක හොඳ Jobs දෙකක් කරනවා....ශාරදා නම් නුවරම තැනක වැඩ කරන්නෙ...හම්බවෙන්න තියෙන වෙලාව හරිම අඩුයි....

මිනේරා Degree එකෙන් පස්සෙ Counseling Diploma එකකුත් ඉවර කරලා දැන් කැම්පස් එකේම Assistant Lecturer කෙනෙක් විදියට වැඩ කරනවා...ඒවගේම එයාට උගන්නපු Professor Madam කෙනෙක්ගෙ Counseling Call Center එකක Counselor කෙනෙක් විදියටත් වැඩ කරනවා...

Minera's pov.

අපි හැමෝගෙම පාරවල් දැන් හැදිලා...මට හිතුනෙ එහෙමයි...ඒවගේම මට හරිම සතුටුයි හැමෝම හොඳ තැන්වල ඉන්නව දකිද්දි...

මං මේ හැමදේම කල්පනා කරකර ආවෙ Counseling center එකේ ඉඳන් බෝඩිමට එන අතරමඟ...තාම ඒ ගෙදරම තමයි මම ඉන්නෙ...ශාරු නැති නිසා අපේ කැම්පස් එකේම නංගි කෙනෙක් දැන් මාත් එක්ක ඉන්නෙ....
Assistant Lecturer කෙනෙක් විදියට වැඩ කරන අතරෙ මගේ Professor madam එයාගෙ Counseling call center එකේ වැඩ කරන්න මට කතාකලා...

ඇත්තටම ඒක නම් ලස්සන වැඩක්...කෙල්ලො  දෙන්නයි කොල්ලො දෙන්නයි අපි Counselorsලා හතර දෙනයි...අපි Website එකක Details Upload කරල තියෙන්නෙ...ඉතින් එක එක ගැටලු තියෙන අයට ඒ Website එක හරහා අපි අතරින් කවුරුහරි තෝරගෙන සම්බන්ධ වෙන්න පුලුවන්...සේරම වෙන්නෙ Call හරහා...Counseling session එකකට යන්න අකමැති අයට ලොකු උදව්වක් මේ වැඩේ...

Lecturer කෙනෙක් විදියට,Counselor කෙනෙක් විදියට මං දැන් හොඳට වැඩත් කරනවා හම්බත් කරනවා....

ඒ එන ගමන් මගෙ ෆෝන් එකත් Ring වුනා...සත්‍ය ප්‍රේම බෘංගරාජයා....

ඇත්තටම දැන් මිලාන් අයියව දැක්කම මට උරේෂා රවිහාරිගෙ සිංදුවක් මතක් වෙනවා...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now