19.Get Out..😤

98 7 28
                                    

Minera's pov.

අවුරුද්දක් ගතවෙලා ගිහින්...අද එයා එනවා...මන්දාරම් කතාවේ මගේ සඳ කින්නරයා...ඊව්...
අද මිලාන් අයියා උස්වැටකෙයියාවෙ ඉඳන් එනවා...ඒ පිහෙංගිය 2.30ටලු මෙහෙට land කරන්නෙ...මගෙ lecture එක ඉවරවෙන්නෙ දෙකට...

මිලාන් අයියා එන්න කලින් අම්මයි තාත්තයි එහෙ ගියා තාත්තගෙ බිස්නස් ට්‍රිප් එකකට...ඊයෙ මං බෝඩිමේ තිබුනු මගේ බඩු මුට්ටු ටික මියුරු එක්ක එකතුවෙලා මිලාන් අයියලගෙ ගෙදරට ගෙනිහින් දැම්මෙ මං ඉස්සරහ දවස් එහේ ඉන්න හිතාගෙන ඉන්න නිසා...මොකද ඉස්සරහට බිසී දවස් ටිකක් එන්නෙ...මිලානෝස් එක්ක සෑහෙන්න එහෙ මෙහෙ යන්න වෙනවා..

මට කොහොමත් එයාපෝට් එකට යන්න වෙන්නෙ සාරියම පටලෝගෙන...පැය බාගෙන් ආයෙ ලෑස්තිවෙන්න ගියාම හරි ඉතින්...

ඒ නිසාම මං ලස්සන සාරියක් තෝරගත්තා...මං ඒක අඳින්නෙ අතිශය විශේෂ අවස්ථාවකට විතරයි...

රතුපාට හීනි Design border එකක් තියෙන සුදුපාට සාරි එක...ඒකට තිබුනෙ රතුපාට බෝරිච්චි අත් දාපු velvet Jacket එක...

මං සීරුවෙන් සාරිය ඇඳගෙන වෙනද වගේම Ponytail එක දාගෙන Lectures වලට ගියා...

4th year සෙටාර් එකක්...මට වඩා අවුරුදු දෙකක් තුනක් බාල සෙට් එකක් නිසා උන් මාත් එක්ක හරිම fit...යාලුවො වගේ...

මං පුරුදු විදියටම මගේ Subject එක උගන්නන්න පටන් ගත්තා...මැදදි දෙන 15 minutes tea break එකේදිත් මං කොහෙවත් නොයා හෝල් එකේම හිටියා..

"Ma'am අද හරි ලස්සනයි.."
මං ඔලුව උස්සල බැලුවෙ ඉස්සරහ පේලියෙ ගෑනු ළමයෙක්ගෙ කටහඬට...

"මම...?"
"ඔව්...අද හරිම ලස්සනයි..."
"Thank you Thank you..."
මං එයාට Thank කලා...ඇත්තටම එයා ඒක අවංකවම කිව්වෙ...

දෙකයි....
මං ලෙක්චර් එක ඉවර වෙලා කඩිමුඩියෙ office එකට ගිහින් සාරිය ආයෙ පිලිවෙලට හදාගෙන මේකප් එක Touch කරගත්තා...
කොණ්ඩෙ ටිකක් අවුල් වෙලා...

මං කොන්ඩෙ ලිහල බැලුවෙ කඩාදාගෙන ගියොත් ලස්සනද කියලා...කොන්ඩෙ දැන් ඉනෙනුත් පහලට වැවිලා සත්කාරවල ප්‍රතිපලයක් විදියට..මං කොන්ඩෙ long layer කැපුවා...

ලස්සනයි වගේ...මං සිලිකන් ඔයිල් ටිකක් ගාලා කොන්ඩෙ කඩා දාල Bangs ටිකත් ලස්සනට සෙට් කරගත්තා...මාව දැකල මිලාන් අයියව පිනා යන්නෝනි...එච්චරයි...

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now