Milan's pov.
මට දැනෙන බය කියන්න වචන නැතිතරම්...ස්ටියරින් වීල් එක උඩ තියාගෙන ඉන්න මගෙ අත් දෙක වෙව්ලනවා...මං කරපු වැඩේ බරපතලකම දැනුයි මට තේරෙන්නෙ...
මහ වැස්සෙ රැස්වීමක් ඉවරවෙලා බීගත්තු මිනිස්සු පාරෙ යන වෙලාවක බස් නැති ටැක්සි නැති වෙලාවක ෆෝන් එකත් නැතුව..."මචං යුගාන්...."
"මොකද බං මේ රෑ..."
"මිනෝ..."
"ඇයි...ඇයි මොකද්ද උනේ..."
"මගෙ මිනෝව හොයල දීපං බං..."
"මොකද්ද හුththo උනේ..."මං යුගාන්ට සේරම විස්තරේ කිව්වම ඌත් සෑහෙන්න බයවුනා...ඒ වෙලාවෙම බයික් එකත් අරන් තුම්මුල්ලට එන්න පිටත් වුනා...ඌට දැන් මාව අහුවුනොත් මරයි...
මුලින්ම ලක්සල ගාව නවත්තපු මම එතන සිකියුරිටි ලඟට ගියා...
"අංකල්...හවස මෙතන් ඩෙනිම් එකයි රෝසපාට Blouse එකකුයි ඇඳන් ගෑනු ළමයෙක් හිටියද..."
"දන්නෑ දරුවෝ මං දැන් ශිෆ්ට් එකට ආවෙ..."මං එතන වටේට කැරකි කැරකි CCTV එකක් හෙව්වා...සිකියුරිටි අංකලුත් කිව්වෙ එතන සීසීටීවි නෑ කියල...
මං BMICH එක පැත්තටත් ගිහින් ආයෙ හරවගෙන කොළඹ කැම්පස් එක පාරෙ ස්ලෝ එකේ ගියා...කොලේජ් හවුස් එක ඉස්සරහ බස් හෝල්ට් එකේ රෝසපාට ඇඳුමක් ඇඳපු කෙල්ලෙක් තනියෙන් ඉන්නව වගේ පේනවා...වැස්සත් එක්ක හිරිපොදට කවර් වෙලා...
දෙයියනේ මිනෝ...මට දැනුන සැනසීම කියන්න තේරෙන්නෙ නෑ...
ඉස්සරහ නවත්තල මං හෝල්ට් එකට දුවගෙන ගියේ මියුරුටයි යුගාන්ටයි මැසේජ් එකක් යවන ගමන්...
"මිනෝ..."
අනේ කෙල්ල තෙමිලා...මහ වැස්සෙ කොහේ යන්නද...
අත්දෙක බැඳගෙන හිටපු මිනෝ මගේ දිහා බැලුවා....
"බස් තිබුනෙ නෑ මිලාන් අයියෙ...මං එහා හෝල්ට් එකේ 120ක් එනකල් හිටියා පැයක් විතර...එකක්වත් ආවෙ නෑ...ඊටපස්සෙ වැස්සෙම මෙතනට ආවා කොටුවට යන්න...ඒත් බස් නෑ...ටැක්සිවල රෑ තනියෙන් යන්න බයයි මිලාන් අයියෙ...ෆෝන් එකත් දාල ඇවිත්---
මිනෝ වෙව්ල වෙව්ල කියද්දි මට දැනුන වේදනාව කියන්න තේරෙන්නෙ නෑ...
යකෝ මිලාන් මේ තමුසෙගෙ කෙල්ල...තමුසෙගෙ පණ...මොනවහරි වුනානම්...
මං මටම කියාගත්තෙ මං කරපු දේ වැරැද්ද දහස් ගුණේකින් මගෙ හිතට වදදෙන්න ගත්තු නිසා...
.........................................
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Saggisticaඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️