"උදාරි අද Clientsලා කීදෙනෙක් Appointments දාල තියෙනවද...?"
මිනේරා ඇහුවෙ Handbag එක මේසෙ උඩ තියන ගමන්..."
"Ma'am අද තුන්දෙනයි ඉන්නෙ..."
"Ok...කවුරුවත් ඇවිල්ල නෑ නේද...මං කෝල් සෙන්ටර් එකට ගිහින් එන්නම්...Client කෙනෙක් ආවොත් මට කතාකරන්න..."Lifeline Counseling Center එක තාමත් ඒ විදියටම තියෙනවා...වෙනස වුනේ එදා වැඩ කරපු අය වෙනුවට දැන් ඉන්නෙ අලුත් අය...
කලින් මේ සෙන්ටර් එක කරගෙන ගියපු මිනේරගෙ Professor සෙන්ටර් එක නවත්තලා කැනඩාවල පදිංචියට යන්න ලෑස්තිවුන නිසා බිල්ඩින් එකත් විකුණන්න දාල තිබුනා...ඇත්තටම ඒක නවත්තන එක professor ma'amටත් ලොකු දුකක් වුනේ සෑහෙන්න කාලයක් ලොකු සේවයක් කරපු ආයතනයක් නිසා...
ඒත් ඒ බිල්ඩින් එක ආයෙම සල්ලිවලට ගත්තු මිනේරා Lifeline center එක ආයෙමත් පටන්ගත්තෙ Professor madamත් ඒ තීරණේ ගැන සෑහෙන්න සතුටු වෙද්දි...Madam වෙනුවට අද මිනේරා Lifeline Counseling center එකේ ප්රධානියා විදියට වැඩ කරගෙන යනවා...
ඒ විතරක් නෙවෙයි...මිනේරා දැන් Senior Lecturer කෙනෙක් වගේම රටේ ගොඩක් තැන්වල මනෝවිද්යා දේශන පවත්වන දේශකතුමියක් වෙලා...මිනේරා දැන් එයා බලාගෙන හිටපු Successful life එකට ඇවිත් ඉවරයි...
මිනේරා Call center එක ඇතුලට ගියා...ඉස්සර එයා වැඩකරපු තැන...
"වැඩ අමාරුද...Exhausted නේ...."
"එහෙම නෑ මැඩම්..."
"ඒ උනාට එහෙම වෙලාවල් එනවා...මාත් ඔය ජොබ් එක කලානෙ...Clientsලගෙ සමහර ප්රශ්නවලට අපිත් Stress වෙනවා...ඔයාලා Too much stress වෙන්න එපා...අමාරු තැනක් ආවොත් මට කතාකරන්නකො...හරිද...?"
"Ok maam..."එයා ආයෙම Counseling room එකට ආවෙ meet වෙන්න ආපු Clientsලා හම්බවෙන්න...
Sessions දෙකක් ඉවර කරලා තුන්වෙනි වගේම එදා දවසෙ අවසාන Client එනකක් මිනේරා බලාගෙන හිටියා...
විනාඩි දෙකකින් විතර දොරත් ඇරගෙන එයා ඇතුලට ආවා...ඇවිත් කිසි ගාණක් නැතුව පුටුවෙන් වාඩිවුනා...
"අහ්...උදාරි..."
"ඔව් මැඩම්..."
"Center එකේ ළමයි ගිහින් නේද...ඔයත් යන්න...වැස්සක් එන්න යන්නෙ..."
"හරි මැඩම්...""ම්ම්ම්...හරි...අපි කතාකරමු...මම මනෝවිද්යා උපදේශක උමාෂි...ඔයාට පුලුවන් ඔයාගෙ හිතට වදදෙන ඕනෙම ගැටලුවක් මාත් එක්ක කතා කරන්න...අපි ඒ ගැන බලලා විසඳුමක් සාකච්චා කරගමු...ඒවගේම ඔයා මෙතන කියන හැමදේකම පෞද්ගලිකත්වය සම්පූර්ණෙන්ම ආරක්ෂා කරනවා..."
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Sachbücherඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️