33.සුදුරෝසි❤️

69 5 9
                                    

හරිම නිශ්ශබ්දයි...AC එක වැඩකරන සද්දෙ විතරක් ඇහෙනවා...
මිනේරා හෙමීට ඇස්දෙක ඇරියා...මුලින්ම එයා දැක්කෙ සුදුපාට සිවිලිම...

"නංගි...නංගි මාව ඇහෙනවද...අම්මෙ නංගි නැගිටලා...."
මිනේරා ඔලුව හරවල බලද්දි අක්කා ඇඳ ලඟ ඉඳන් ඔලුව අතගානවා...
"අක්කෙ...."
"අක්කා තමයි...අමාරුද නංගි..."
"අනේ අක්කා නැගිට්ටද...මිනෝ අක්කේ..."
මියුරුගෙ කටහඬ ඇහුනා...

"මට නැගිටින්න ඕනි...."
මිනේරා තාම හරියට සිහියට ඇවිත්නෑ..මියුරු රිමෝට් එක අරන් ඇඳේ උඩ කොටස කෙලින් කලා...

"මගෙ පැටියා...."
හදිස්සියෙ දෙයක් මතක් වුනා වගේ මිනේරා එයාගෙ බඩට අත තියාගත්තා...ඒ එක්කම සැනසීමෙන් වගේ හුස්මක් පහළට දැම්මෙ අමුත්තක් නොතිබුන නිසා...

"බබාට ප්‍රශ්නයක් නෑ නංගි...එයා හොඳින්...බයවෙන්නෙපා..."
"මිලාන්...කෝ මිලාන්...අනේ මියුරු කෝ අයියා...."

"පේෂන්ට් ඇහැරුනාද...අපිට ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා..."
රූම් එකේ දොර ඇරගෙන පොලිසියෙ දෙන්නෙක් එක්ක කාන්තා නිලධාරිනියක් ඇතුලට ආවා...ඒ එක්කම ආවෙ මිලාන්ගෙ තාත්තා...

"උමා...මේ සර්ල අහන ඒවට උත්තර දීල ඉවරයක් කරන්න දුව.."
මිනේරා ඔලුව වැනුවා...

"මං ප්‍රශ්න ටිකක් අහන්නම් මිස්...මට ඇත්තම කියන්න..."
"එදා ඔයාල ආවෙ සාමාන්‍ය වේගෙන්ද...?"
"ඊටත් වඩා හෙමින්...මිලාන් මං නිසා හෙමින් යන්නෙ..."
"අනතුර වුනේ පිළියන්දලදි...ඔයාල කොහේද ඒ හරහා ගියේ..."
"කහතුඩුවෙ අක්කගෙ ගෙදර..."
"අසාමාන්‍ය දෙයක් වුනාද..."
මිනේරා උත්තර දුන්නෙ නෑ...එයාගෙ ඔලුව වැඩකලේ මිලාන් ගැන...

"මිස් අපි ඔයාගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා...මේ අනතුරින් මරණයක් වෙලා තියෙනව..."
"ම..මරණයක්.....නෑ...වෙන්න බෑ...මියුරු...මියුරු...."

"නෑ නෑ අක්කා...ඒ මැරුණෙ කැබ් එක එලවපු කෙනා...අක්කා කලබල වෙන්න එපා අයියට treatments කරනවා...සර් පේන්නැද්ද එයා Pregnant...පොඩ්ඩක් හිතලා කතාකරන්න...දැන් එයාට සිහිය ආවෙ..."
මියුරු පොලිසියෙ කෙනාට කිව්වෙ කේන්තියෙන්....

තව ප්‍රශ්න කීපෙකින් පස්සෙ පොලිසිය එලියට ගියා...මිනේරා හිටියෙ ඇඳට ඔලුව තියාගෙන....

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now