සති දෙකකින් කට්ටියම ලෑස්ති වුනේ නුවර යන්න...කට්ටිය කිව්වෙ සරං තුන්කට්ටුව එක්ක මිනේරා...
හතරදෙනා ගිහින් නවතින්නෙ ශාරදාගෙ ගෙදර...එහේ ඉඳලා වෙඩිමෙ වැඩ ඉවර උනාම ට්‍රිප් එකක් යන්න බලන් ඉන්නෙ සෙට් එකම...මොකද ආයෙ එකට අල්ලගන්න ලේසි නෑ...හැමෝම බිසී...වාහනේක යං කියල කතාවුනත් අන්තිමට කට්ටියට ඕනෙ වුනේ කෝච්චියෙ යන්න...කෝච්චියෙ නුවර යන එක වෙනම ආතල් එකක්නෙ...
"මිලානෝව් රෙඩීද..."
"ඔව්...ඔයා බඩුටික ගත්තනේ..."
"ඔව් ඔව් සේරම හරි..."
"ලස්සනයි මිනෝ..."
"ඔයත්...කෙසෙල් ගෙඩියක් වගේ..."
"ඇයි මේ Apahaca.."මිලාන් ඇඳන් හිටියේ කහපාට අත්දිග ටීෂර්ට් එකක් එක්ක ඩෙනිමක්...කොන්ඩෙ ජෙල් ගාලා උඩට හදල තිබුනා..
මිනේරා Wide leg Denim එකකට අත්දිග ලා දම්පාට Ribbed Crop top එකක් ඇඳලා කොණ්ඩෙ Loose french braid එකක් ගොතලා හිටියෙ...කොණ්ඩෙ ලස්සනට ගෙතුවෙ මිලාන්ගෙ අම්මා...දෙන්නව ස්ටේෂන් එකට ගිහින් දැම්මෙ මියුරු...ඒ යද්දිත් යුගාන් සතීර දෙන්නා ඇවිත්...
"දෙයියනේ අපේ සුදාත්තියි සුදාම්මියි ඇවිත්..."
සතීරගෙ කටේ සද්දෙට කොටුව ස්ටේෂන් එකේ මිනිස්සු හැරිලත් බැලුවා...
"කටවහපන් බල්ලො...ට්‍රේන් එක ඇවිත්ද...""නෑ මිලාන්...මේ ප්ලැට්ෆෝම් එකට එනවා කිව්වා...කෝකටත් අපි රේල්පාරට බැහැල ඉමු...අවදානමක් ගන්න බෑනෙ..."
"අමෝ අබේසේකර අයියෙ ඒ Goc එක...."
සතීර කටත් අතින් වහගෙන කිව්වා...
"අනේ කොහෙන් හොයාගන්නවද මන්දහ් මේම විහිලු..."
මිලානුත් ආතල් එකට එකතුවෙද්දි කෝච්චිය ඈත එනවා..."මගෙ යාලුව නම් කිව්වෙ කලාතුරකින් දවසක කෝච්චියෙ සෙනඟ සෑහෙන්න අඩුවෙන් ඉන්නෙ කියල...අද එහෙම දවසක් නම් හොඳයි..."
මිනේරා කිව්වා...කට්ටිය ගත්තෙ 3rd class එකේ ටිකට්...එතනලුනෙ ආතල් වැඩිම...
"පොඩිමැණිකෙ එනවා...නිලමෙලා නගින්න..."
සතීර එහෙම කියාගෙන කෝච්චි පෙට්ටියට නැග්ගා...ඒ පිටිපස්සෙන් යුගාන් වගේම මිනේරව පරිස්සමට කෝච්චියට නග්ගලා මිලානුත් ඇතුලට ආවා...
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️