14.මතක✨️

58 6 2
                                    

4 Years Ago...
STI වසන්ත උදානය-2022

"මිලානයා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් අර කෙල්ලො දෙන්නෙක් කැවිලි පිඟානක් ගෙනත් තියෙ ඒක ගනින්කො.."
"ඇයි යකෝ මටම වද දෙන්නෙ අර යුගාන් ඉස්සරහම ඉන්නෙ ගිහින් කියපංකො..."
"අනේ පලයංකො මිලාන්..."
"මේ උට්ටලගෙන් පුදුම වදයක් තියෙන්නෙ..."

ටෙන්ට් එක පිටිපස්සෙ හිටපු මිලාන් ඉස්සරහට ආවෙ නෑගම් ආපු කට්ටියගෙ කැවිලි පිඟාන ගන්න...
ඇවිත් තිබුනෙ කෙල්ලො දෙන්නෙක්...

"ෆැකල්ටියෙන් ෆැකල්ටියට නෑගම් යනව වගේ...."
මිලාන් හිතවත් විදියට කැවිලි පිඟාන තියාගෙන හිටපු ගෑනු ළමයට කිව්වත් මිලාන් එන්න කලින් සතීරයගෙ කට නිසා ඒකිගෙත් කට වයින් වෙලා තිබුනෙ කියලා අහිංසකයා දැනගෙන හිටියෙ නෑ...

"ආ ඔව් අයියෙ...හැම ෆැකල්ටියටම නෑගම් ගියා හැබැයි ඔයාලගෙ එකට නම් කුණු මුත්තා පුදන්න ආවෙ...නෑගම් නම් කොමන් නෙ...ඒත් කුණු මුත්තා යටගැහීගෙන යන චාරිත්‍රයක්...එහෙම වෙන්න දෙන්න හොඳනෑනෙ නේ..."

කැවිලි පිඟාන මිලාන්ගෙ ඇඟේ ගහපු කෙල්ල ටෙන්ට් එකෙන් එලියට ගියා...අසරණ වුන මිලාන් බැලුවෙ හිනාවෙන යුගාන් දිහා...

"මොකද්ද යකෝ ඒ උනේ..මං වැරදි දෙයක් කිව්වද...?"
"උඹ එන්න කලින් සතීර තමා ගිනිතිව්වෙ...ඒ නංගි කොහොමත් කටර් එක වගේ බං හෙන කියුට්..."
"යුගානයා තමුසෙ කොහොමද එච්චර දන්නෙ...උඹ ඒකිට ලයින්ද..."
මිලාන් ඇහුවෙ පුදුම වෙලා...
"අනේ නෑ බං...මං ඔය එක එක ඉවෙන්ට් වලදි දැකල තියෙනව එයාව...ඒ නංගිව හැමෝම වගේ අඳුරනව..."
"මට දැකල හුරුයි ඒත් දන්නෑ...උඹ සෑහෙන්න දන්නව වැඩී..ම්ම්ම්ම්"
"එහෙම එකක් නෙවෙ මිලානයා...ඒකි හරියට අපේ යුගාන්‍යා වගේ...මට නංගිව මතක් වුනා බං...උඹට මතකනෙ අපි ඉස්කෝලෙ යද්දිත් ඒකි කොච්චර පිස්සු කෙලින හුරතල් කෙල්ලෙක්ද කියල...හිටියනම් මේ වගේ වෙයි කියල මට හිතුනා..."
"සිරාවට බං...නංගිත් හැමතිස්සෙම වයින් කරල තියල වගේනෙ..."
"ඔය ආපු නංගි කොහේදි මොන ඉවෙන්ට් එකේදි දැක්කත් මං බලන් ඉන්නව බං...යුගාන්‍යා දකිනව වගේ..."

මිලාන් යුගාන්ගෙ කරට අතදාගෙන කෑම මේසෙට හේත්තු වුනා...එයාගෙ නැතිවුන නංගි ගැන කාරණේදි යුගාන් මාරම සෙන්සිටිව් කියල මිලාන් හොඳටම දැනගෙන හිටියා...
.
.
.
After few days @OGF

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now