මිනෝ...කොහෙද ඔයා...."
"මං එලියෙ මිලානෝ...."
"මොනවද කරන්නෙ...ශාරදා කතාකලාද..."
"ඔව් ඔව්...වැඩේ හරිගිහින් නේද...අනේ මට සතුටුයි මිලාන් අයියෙ...""ඕක සෑහෙන්න කාලයක් තිස්සෙ අරූගෙ හිතේ තිබුනෙ...ඌ මගේ එකා නිසා මට සතුටුයි..."
මිලාන් කිව්වෙ එලියෙ බෙන්ච් එකේ මිනේරා ගාව වාඩිවෙන ගමන්...
"Relationships කියන එකේ අති භයානක versions පවා මට හම්බවෙලා තියෙනව මිලානෝ counseling වලදි...මට ලව් වලට බයත් හිතුනා..."
"ඇයි...මොනවද එන්නෙ.."
"සමහර අපේ වයස්වල කෙල්ලො අපිට වඩා බාල කෙල්ලො ගුටිකාල ඇවිත් තැලුම් තුවාල පෙන්නනවා...දරුවොත් එල්ලගෙන...හරි පව් මිලානෝ...""ඒ ඉතින් ගොන්කමට ඉල්ලන් කාපුවනෙ..."
"සමහරු එහෙමයි...ඒත් තව සමහරු නැතිබැරි කමට බැඳලා...සමහරු නූගත්...බැඳීමක ගැඹුර තේරෙන්නෙ නෑ...සමහරු බොලඳකම නිසා රැවටිලා..."
"ඔයා ඒවත් කල්පනා කරනව නේ..."
"මගෙ ජොබ් එකනෙ මිලානෝ...""ඔයා ඉන්න විදිය බැලුවම Counselor කෙනෙක්ට ඔච්චර Chill එකේ ඉන්න පුලුවන් ද කියල හිතෙනවා..."
"ඔව්...මම Chill එකේ ඉන්නවා...ඒ උනාට ඔයා දන්නවද...මගේ ඔලුව ඇතුලෙ ටොනේඩෝ එකක් වගේ සමහර වෙලාවට...
මගෙන් Service එක ගන්න Clientsලා ගැන මං කල්පනා කරනවා...එයා මං කියපු දේවල් ගැන හිතයිද...එයා කොහොම Survive වෙයිද...කොටින්ම තවත් සමහරු ජීවත් වෙයිද කියලත්...""ඒ කියන්නෙ ඔයා ඔයාගෙ Service එක ගැන සතුටු නෑ...?"
"එහෙම නෙවෙයි...උපදේශක කෙනෙක්ට කරන්න පුලුවන් සීමාවක්...ඒ කිව්වෙ...මනුස්සයෙක්ගෙ පෞද්ගලිකත්වයට ඇතුල් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවා...ඒ සීමාව පනින එක Ethical නෑ...අනික අපි උපදේශනය දුන්නට ඒක පිලිගන්න එක Clientගෙ අතේ..."
"ජොබ් එකේ දේවල් පෞද්ගලික ජීවිතේ ඇතුලට අරන් Stress වෙන එක මට නම් අනුමත කරන්න බෑ මිනෝ...ඒක හරි Exhausted..."
"මෙහෙම හිතන්න...ඔයා Counselor...ඔයා ලඟට එනවා Client කෙනෙක්...එයා කියනව සර් මං අද මැ..රෙන්න හිතාගෙන හිටියෙ...මට ජීවත් වෙන්න ඕනෙ...ඒත් දැන් ඇතිවෙලා කියල...ඊටපස්සෙ ඔයා එයාගෙ ගැටලුව විසඳගන්න උදව් කරනවා...එයාට කියල දෙනවා මෙහෙම කරන්න කියල...ඒ Client ගියාට පස්සෙ ඔයාට කුකුසක් එන්නෙ නැද්ද...එයා මං කියන දේ ඇහුවද...එයා ජීවත් වෙයිද කියලා...අපි පෘථග්ජන මිනිස්සු මිලාන් අයියෙ...ඔය වගේ දේවල් සෑහෙන්න අත්විඳින්න වෙනවා අපිට...ජීවිතේ මාර මඟුලක් නේද කියල හිතෙන්නෙ මේවගේ Career එකක ඉන්නකොට..."
YOU ARE READING
නොනිමි || NONIMI ❤️✨️
Non-Fictionඑතකොට ආදරේ කියන්නෙ මේක... මට කවදාවත් කාගෙන්වත් ලැබිල නැති ආදරේ... ජීවිතේ මං මග ඇර ඇර හිටපු ආදරේ... ඒ කියන්නෙ... ආදරේ මේ තරම්ම ලස්සනයි ද...? ❤️✨️