09.පළවෙනියා😌❤️

71 10 6
                                    

Milan's Pov.

මං මේ කෝල් එක ඉක්මනටම බලාපොරොත්තු වුනා...මං දැනගෙන හිටියා අපි යන යන තැන එක එක මිනිස්සු රැකගෙන බලාගෙන ඉන්දැද්දි...අපිව follow කරද්දි මං මේක බලාපොරොත්තු වුනා...
මට ඕනෙ වුනේ ඒ වෙච්ච දේවල් එකක්වත් මිනෝට Notice නොවෙන්න...එයා හරි කලබලයි සමහර වෙලාවට...
සකුණි කියන්නෙ නිකං ම කෙල්ලෙක් නෙවෙයි...පාර්ලිමේන්තුවෙ බලවත් මන්ත්‍රී කෙනෙක්ගෙ දුව...ඒවගේම මගෙ තාත්තට ප්‍රශ්න ඇතිකරපු ඒ මිනිහගෙ දුව...මේක ලේසියෙන් අතාරින්නෙ නෑ උන්...

අපි නුගේ යට කතාකරකර ඉන්නකොටත් සරත් ජයතිලකගෙ මිනිස්සු කැම්පස් ගේට් එක ලඟ ඉන්නව මට පෙනුනා...ඒ එක්කම වගේ මට කෝල් එක ආවෙ...

"මිලාන් මදනායක..?"
"ඔව්..මිලාන් තමයි"
"කැම්පස් ගේට් එකෙන් එලියට එන්න...Auditorium එක පිටිපස්සෙ තාප්පෙ ගාවට.."
"මේ දැන්ද"
"ඔව් මේ දැන්"
"ඒ ඇයි...."
"ආවම කතාකරන්න පුලුවන්"
"Ok මං එන්නම්......"

.............................

මිලාන් auditorium එක පිටිපස්සට යද්දිත් එතන කලු ඇඳගත්තු උස මහත මිනිස්සු හතරක් එක්ක ටිකක් මිටි මනුස්සයෙක් බලාගෙන හිටියා...මන්ත්‍රී සරත් ජයතිලක...

"හ්ම්...එතකොට මූ ද මේ හීරෝ..."
"Yes sir...මිලාන් මදනායක..."එක බොඩිගාඩ් කෙනෙක් උත්තර දුන්නා...

"මිලාන්...මොකද්ද ළමයෝ මේ පොඩි ප්‍රශ්නෙ දුර දිග ගෙනියන්නෙ..."
"කවුද මේ ප්‍රශ්නෙ පටන්ගත්තෙ මන්ත්‍රීතුමා...නැත්නම් මං අවුරුදු ගාණකට කලින් කිව්ව වගේ සරත් අංකල් කියන්නද...?"
"දන්නවනෙ...සකුණිගෙ අසනීපෙ ගැන මුලු කැම්පස් එකේම පැතිරිලා...ඒ දරුවට කැම්පස් එකට එන්න විදියක් නෑ...කවුද වගකියන්න ඕනෙ..."
"සකුණිමයි..."
"තමුන් මගෙ දුවට වැරැද්ද පටවනවා...?"
"පැටවිල ඉවරයිනෙ මන්ත්‍රීතුමා...අපි කරපු දෙයක් නෑ...මුල ඉඳන්ම හැමදේම පටලවගෙන හිටියෙ සකුණිමයි..."
"මේක පොඩි ප්‍රශ්නයක් විතරයි...වන්දිය අරන් කටවහගෙන පැත්තකට වෙනවද නැත්නම් වන්දියත් නැතුව අතුරුදහන්ම වෙනවද..?"

"පොඩි...?පොඩි ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද...?සකුණිගෙ අතින් ඒ කෙල්ල මැරුණනම්...එතකොටත් ඒක ඔය කියනව වගේ 'පොඩි' ප්‍රශ්නයක්ද..?එතකොට සකුණි මිනීමරුවෙක්..."
"කටවහපන්...තමුසෙගෙ කතාව බොහෝම වැඩියි..."
"අපි කතාකරන්න නෙවෙයිද මෙතෙන්ට ආවෙ...අහ්...සමහරවිට මෙතන මාව මරල දාල කතාව යටගහන්නද...?"

නොනිමි || NONIMI ❤️✨️Where stories live. Discover now