" දැන් මොකක්ද පුතා අපි අර ප්රශ්නෙට කරන්නෙ??"
" මට ඒ ගැන කිසිම අයිඩියා එකක් නෑ ඩැඩා...හෙට ඔෆිස් එකට ගිහින්ම තමයි solution එකක් හොයන්න වෙන්නෙ....මං මියැසිට කිව්වා හෙට මීටින් එකක් ලෑස්ති කරන්න කියලා....."
එයා කෑම කන අතරෙ අංකල් කුරුඳු වත්තයාට මොනවා හරි කිව්වා....යන්තමට මට ඒ දේවල් ඇහුනාත් කතා කරන්නෙ මොනවා ගැනද කියන්න මට තේරුනෙ නෑ...මොකද මං උන්නෙ ඇස් පියවෙන තරම් නිදිමතක......
" අපේ නමට ඩැමේජ් එකක් වෙයිද සුදු මහත්තයා....."
"ඒක කියන්න බෑ.....අපි හිතනවාට වඩා මේ ප්රශ්නෙ complicated.....ප්රඩක්ට් එකේ කොලිටි බහිනවායි කියන්නෙ බ්රෑන්ඩ් නේම් එකට හානි වෙනවා කියන එක තමා..."
" නානයක්කාරට ඔය සම්බන්දව doubt එකක් තිබුනා නම් කෙලින් ඩැඩා එක්ක කතා කරන්න තිබුනා...ඇයි පන්ඩිතකම් කරන්න ගියෙ?? එහෙනම් මෙච්චර ලොකු ප්රශ්නයක් වෙන්නෙ නෑ......i'm sorry ඩැඩා බට් මට නානායක්කාරලා වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න බෑ......ඩැඩා කැමති වුනත් අකමැති වුනත් මං හෙට නානායක්කාර ගැන තීරණයක් ගන්නවා......"
ආයේම එයාලා කතා කලා.... කෑම මේසෙ එයාට එහා පැත්තෙන් එයාගෙ තනියට වාඩි වෙලා ඉදපු මං එයාලා කතාවෙන්නෙ මොනවාද කියලාවත් නොදැන ඒ කතාව අහගෙනම නිදි කිරා වැටුනා වගේම,
"එහෙම කොහොමද කරන්නෙ? නානායක්කාර කියන්නෙ එදා ඉදන්ම අපිත් එක්ක හිතවත් මිනිස්සු....ඒ මනුස්සයා අතින් වරදක් වෙන්න ඇති ඒත් පුතා ඔයා අමතක කරන්න එපා ඔය කම්පැනි එක ඔය වගේ තැනක තියෙන්නෙත් නානායක්කාරලා වගේ මිනිස්සු ඩැඩාගෙ හයියට ඉදපු නිසා කියලා.......බලන්නකො ප්රදීප් මේ ළමයාගෙ කතාව......."
ඒ එක්කම මට නර්මදා තප්පුලන හඬ ඇහුනා.......
මේන් එයාට නැගලා.....
ඒත් මොනවාටද????
අනේ මන්දා මට මේ කතා වෙන දේවල් ගැන ලොකු අවබෝදයක් නෑ.......
නිදි කිර කිර ඉන්න මට නර්මදාගෙ කටහඬ ඇහුනා එක්කම අමාරුවෙන් නිදිමත කපලා දාලා ඇස් ඇරලා නර්මදා දිහා බලන්න හිතුනා ඒත් මට ඇස් ඇරගන්න බැරි වුනා...
