" සර්ගෙ කැබින් එක කොහෙද තියෙන්නෙ?"
කේන්තිය වගේම වේදනාවට මගෙ පපුව බර වෙලා තිබුනා.....ඒ හැඟීම මට දරාගන්න අමාරු වුනා.....වේදනාවටත් වඩා කේන්තිය ප්රබල වුනා......
හිත එකම ගිනි ජාලාවක් වෙද්දි මගෙ සරුවාංගෙම වෙව්ලන ගමන් තිබුනා....
කේන්තියට වගේම දුකට මගෙ ඇස් වලට කඳුලු උණලා තිබුනා....ඒත්......ඒත් ඒ තත්පරේට මං මාව පාලනේ කරගන්න උත්සහා කලා....මං උන්නෙම පිට කෙල්ලෙක් ඉස්සරහා වෙද්දි මට ඕනෙ වුනේ නෑ දුර්වලයෙක් වගේ හැසිරෙන්න.....
පපුව පුරවලා හුස්ම ඉහළට ගත්තු මං සාමාන්ය වෙන්න උත්සහා කලා....පිටතින් ඇවිලුත් අතුලතින් මං නිවුනා.....නෑ මං ගහක් ගලක් ගානට උන්නා....
මගෙ අතින් අත ඇරුන රිසවරේ ඇහිදලා කේතකී කියන කෙල්ලට දීපු මං ඒ කෙල්ලගෙන් ප්රශ්නයක් ඇහුවා...
"අහ්....."
ඒකී මං දිහා බලාගෙන අහ් ගෑවා...
බබා...
ඇහුවෙ මොකක්ද කියලා නොතේරෙන්න මේකි බබා....මේ කෙල්ල අතින් මට වරදක් වුනේ නැතත් මේ මොහොතේ මට ගෑණු කියන සංහතියම එපා තිත්ත වෙලා තිබුනා....
" oh god....නිකන් ඉන්න ඉන්නකො bae
ඔයාට අත තියාගෙන ඉන්නම බෑ නේද?"මීට තත්පර ගානකට උඩදි ඇහුන ඒ වචන ටික ආයේ ආයේම මගෙ කන් ඇතුලෙ දෝන්කාර දෙන ගමන් තිබුනා....
"කැබින් එකට මොකෙක්වත් එවන්න එපා.."
ඒ අතරෙම මට ශාල්ගෙ වචන ඇහුවා...
මොකෙක්වත්????
ඒ මොකෙක්වත් නෙවේ මං බව එයා නොදන්නවා නෙවේ....ඒත් එයා කිව්වෙ එහෙමයි....මෙච්චර ඉක්මනින්ම මාව එයාට මොකෙක්වත් වෙලා.....ඒ වචන ආයේ ආයේම මතක් වෙද්දි මගෙ පපුව ඇඳුම් කන්න දෙන්න ගත්තා....කොච්චර පාලනේ කරගෙන ඉන්න උත්සහා කලාත් මගෙ ඇස් වලට ආයේ ආයේම කඳුලු පිරෙන්න ඔන්න මෙන්න තිබ්බා......
" සර්ගෙ ඔෆිස් එක තියෙන්නෙ කී වෙනි floor එකේද?"
මට දරාගන්න බැරි තරම් කේන්තියක් හිතට දැනුනම කෑගහලා,රණ්ඩු වෙලා ඒ කේන්තිය පිට කරන්න පුලුවන් වගේම මොකුත් නොවුන ගානට සද්ද නැතිව ඉන්නත් පුලුවන්...
