එදින තම රාජකාරී අවසන් කළ හේමමාලිනි සිටියේ අතිශයින්ම සතුටිනි. ඉතිං ඇයගේ ගමනේ පවා ඒ සතුට රැදී තිබුණි. “හේමා.., හෙන හැපියේ වගේ..” ධනංජය ඇයගෙන් විමසුවෙන් හේමමාලිනි බොරු රැවුමක් ඔහුට පා කළාය. ඔහු ඊටත් සිනාසුණේ ඇයගේ විකාරවලින් තරමක් ඔහුට හුරු වූ නිසාවෙනි. ඉතිං හේමමාලිනි හට සිටී එකම මිතුරා වශයෙන් ඔන්න ඔය වගේ හේමමාලිනිගේ කෝළම් ටිකක් පමණක් ඔහු දැන සිටීම විය හැකිය.

“අද නම් මම ඔයාව එක්කගෙන බීච් යනවා.. ඊටපස්සේ මම කියනවා ඔයාට මම ආදරෙයි කියලා මෝඩ මිනිහෝ…. මට තවත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ… මම මාර ආදරෙයි මගේ මෝඩ මිනිහට!” හේමමාලිනි තම හදවතට ම මුමුණාගනිමින් දුරකතනය ගෙන ඔහුගේ අංකය අමතන්නට වූයේ කඩිමුඩියෙනි. ඉතිං හදවත ගැහෙන තරම දන්නේ ඇය පමණි. කවුද හිතුවේ මෙතරම් ආදරයක් ඔහු ගැන හිතේවි කියා?

මේ තමා පළිගැනීමක් නිසාවෙන් විවාහ වූ මිනිසා නොවෙද?

හේමමාලිනිගේ හදවතෙහි වූ සතුට මුව පුරාවටම හිනාවක් ලෙස පිපී තිබුණි.

“හෙලෝ…. රක්ෂිත්…”

හුරතලය යන්න කුමක්ද කියාවත් නොදන්නා හේමමාලිනිගේ මුවින් අතිශය ආදරණීයව එලෙස ඇමතුමක් ලැබෙද්දී, ඇමතුමෙහි අනෙක් කොන සිටී පුද්ගලයාගේ කට කොනකට නැගුණේ සිනාවකි.

“කියන්න හේමා.., මම නම් ටිකක් බිසී මේ වෙලාවේ” ඔහුගේ කලබල හඬ ඇසෙද්දී හේමමාලිනිගේ වත ද කලබල ස්වරූපයක් ගන්නට විය. “මේ… මම ඕෆ් වුණා.. මාව ගන්න එනවා නේද?” ඇය විමසුවේ ආයාචනාත්මකවය.

“අනේ.. රක්ෂිත්.. හා කියන්නකෝ… අද මම ඔයාට ආදරේ කියනවා.. ඇත්තමයි.. අනේ මාව එක්කන් යන්න එන්නකෝ… හැබැයි මෝඩ මිනිහා බෑ කියලා මාව ගන්න ආවේ නැත්නම්නේ.. කවදාවත් ආදරෙයි කියන්නේ නෑ මෝඩයට” ඇය සිතෙන් බනිමින් දුරකතනයෙහි අනෙක්පසින් පැමිණෙන පිළිතුර වෙනුවෙන් බලා සිටියාය.

“අ… මේ වෙලාවේ නම් මට එන්න විදිහක් නෑ හේමා.. ඔයාට PickMe එකක් දාගන්න බැරිද? නැත්නම් location share කරන්නකෝ මම දාන්නම්”

ඉතිං,
ඔව්!

ඇය පිපිරුවාය!

කෝපයෙන් පිපිරූ හේමමාලිනි දුරකතනය විසන්ධි කර දැමුවේ ඔහුට පිළිතුරක් දීමට හෝ කාලය නාස්ති නොකරමිනි.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now