බිත්ති ඔරලෝසුවේ මාධ්‍යම රාත්‍රිය උදා වෙන්න තව පැය බාගයක් තියෙනවා..... මුළු කාමරේම නිහඩයි.... කොටින්ම ඔරලෝසුවේ කටු දුවන සද්දේ පවා කනට වැකෙනවා.... රාත්‍රිය කොහොමත් නිහඩයි....
නිහඩතාවය බිදින්න අද ඉකිගහන ආදරවන්තියක් ඇදක් පාමුල තනිවෙලා....
ගීතා අම්මා හිත සනසන්න දොරෙන් එහා පැත්තේ හිටියත්... එයාට තේරෙන්නේ නෑ මේත් ආදර කතාවක් කියලා.... ගමේ හැදිච්ච ගීතාට මේවා විකාර....
" සුදූ බේබී දැන් ඔය හූල්ලන එක නවත්තන්නකෝ...මගේ පපුවත් එක්ක දාලා යනවා... අනික මොකටද සුදූ බේබී ඔය විකාර සම්බන්දයක් පටන් ගත්... "
ඉතින් එච්චරයි... යසසි කැමති නෑ එයාගේ ආදරේ විකාරයක් වෙනවට...
" ඒක විකාරයක් නෙමෙයි... දිල්ලුයි මායි කරේ ආදරේ... ආදරේ කොහොමද විකාරයක් වෙන්නේ..ඒකත් සාමාන්‍යයි.... අපි දෙන්නගේ ආදරේ විකාරයක් නෙමේ....ඔයා මොනවද ඒ ගැන දන්නෙ..."
ඇත්තටම ගමක හැදිලා නගරේ ජිවත් වෙන්න ආපු ගීතට මෙහේ හුගක් දේවල් විකාර විදිහටයි පෙන්නේ... එයාගේ කොණෙන් එයා බලද්දී එයා හරි...
"ගීතා අම්මා ඔයාගේ පොන් එක මට ටික්කට දෙනවද අනේ... මන් ඉක්මනට දෙන්නම්..."
" පිස්සුද සුදූ බේබී මහත්තයලා අවොත් මාත් ඉවරයි... "
" ගීතා අම්මට මන් මොකුත් වෙන්න දෙන් නෑ... අනේ මට කෝල් එකක් ගන්න ඔයාගේ පොන් එක දෙන්න... "
අවුරුදු හයකට පසු.... 🪶
හුස්ම වැටෙන නිසා ජිවත් වෙන මිනිස්සු... හුස්මට හේතූවක් හුස්ම වෙනුවෙන් ඉතිරි කරනවා.... නැත්නම් හොයා ගන්නවා.... ❤🩹
" ශේන්...මන් ලොකේෂන් ෂෙයාර් කරා.... විනාඩි පහක් දෙන්නම් ඉක්මනට යමන්... "
" දිල් මැම් ... දයාන් සර් මේවා දැනගත්තොත් ඉවරයි... අනික යක්කු ගස් නගින වෙලේ තාප්ප උඩින්
පැන පැන... "" ශේන් උබට යන්න බැරි නම් මට කී එක දීපං..."
" තනියෙන් නම් යවන්නෙම නෑ... දයාන් සර් මේවා දන් නෑ කියලාද දිල් මැම් හිතන්නේ..."
" නොප් ශේන්... මේවා අප්පච්චි දන්නෙ නෑ... නැත්තෙමත් නෑ මොකද අප්පච්චි අයින් වෙලා හිටියට මන් වටේ වෙන හැමදේම දන්නවා...හැබැයි මන් හැමදේම දැනගන්න දෙන්නේ නෑ... "
වෙන්වෙලා ගියාට පස්සෙත් දිල්ගේ හිත හොයන්නෙම යසසිගේ සුවද....සුවදක් හිතට වැදුනොත් කොහොමද ඒ සුවද මකන්නේ... අවුරුදු පහක් තාමත් එකම කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා....සමහර විට දිල් හිතන් ඉන්නෙ සංසාරේ කොතැනක හරි එයාට යසසිව හම්බෙයි කියලා....
ආදරෙන් බැදෙන්න එක විනාඩියක් ඇති... අවුරුදු දෙකක් ගලන් ගියපු මේ දෙන්නගේ ආදරේ කොච්චරනම් විනාඩි තියෙන්න ඇද්ද..
දිල්ගේ හිතේ යසසි වෙනුවෙන් ආදරේ තාමත් ඉතිරි ඒ උනාට යසසි ගත්ත මෝඩ තීරණ නිසා ඒ හිතේ යසසි වෙනුවෙන් වැඩිපුරම තිබ්බේ කලකිරීමක්....
පොරොන්දු කැඩුවත්... හිත බින්දත්... ඒ දිල්ගේ ඇට්ටේරියා මලනේ...
" ඔයාට තිබ්බා ඔයා දීපු පොරොන්දු රකින්න ස්වප්නා.... ඔයාට තිබ්බා මන් ගාවට එන්න... හැමදේම මට නැති කරලා දාලා ගියේ ඇයි මාව... "
" මැම්... අද නම් හෙවනැල්ලක් වත් පෙන්න නෑ... "
" Ceremony එකට යමන් ද... "
" මන් බෑ කියන්නේ නෑනේ මැම් නේද... "
කොළත් එක්කම කඩා ගත්තු දිල් ගේ ආසම මල් පොකුර ඇට්ටේරියා මල් පොකුර ඇරන් ගියේ එයාගේ ලෝකෙම වෙච්ච... එයාව දාලා ගියපු.... එයාව තනි කරපු.....හදවතින් අමතක කරන්න බැරි සුවදක් හොයාගෙන....
ජිවිතේ අපිට කාලයක් එනවා.. අපි ආදරේ කරපු අයට මල් පොකුරක් ඇරන් සිමෙන්ති බදාමක් දිහා බලන් කතා කරන්න වෙන...
ඒක කොච්චර වේදනාවක්ද... තමන් ජිවත් වෙන්න හේතු වෙච්ච මිනිස්සු අද ජිවතුන් අතර නෑ කියන වේදනාව විදින්න ඕනම වේදනාවක්.....
:::::::::::::::::::::::::::::::::::::::::::::::::
ආදරේ නිමාව වේදනාවද... 🤍
