" ටහ්.. ටහ්... "
ටැප් ලයින් එක ජොයින්ට් වෙන තැන තියලා තිබ්බ බකට් එක වතුර බින්දුවෙන් බින්දුවෙන් පිරිලා ගිහින් ඉතිරෙන්නත් ලන් වෙලා.... ජිවිතේ හරියට ජොයින්ට් එක ගාවින් වැටෙන වතුර බින්දුව වගේ.....නෑ සමහර විට ඒ වතුර බින්දු වලින් පිරෙන බකට් එක වෙන්නත් පුළුවන්....
කොට්ටම්බා ගහ වටේ කොළ පිරිලා.... තාම ළමයි ඉස්කෝලේ එන්න පටන් ගෙනනෑ... ඒ තියා කුරුල්ලෝ කෑම හොයන්න ලෑස්ති වෙලාවත් නෑ....
කොහොම උනත් හැමෝටම කලින් ඉර පායනවා.... සමහර විට ඒකට හේතුව සුරියකාන්ත මල් වෙන්න ඇති.... සූරියකාන්ත මල යැපුනෙම ඉරෙන් නේ....
සිල්ව පාට වොච් එකේ වෙලාව පේන්න තිබුනේ පහ පහුවෙලා විනාඩි පන්සනවයක් විදිහටයි....සුපුරුදු විදිහට සිල්ව පාට වොච් එකට උනේ දිල්ගේ සයිඩ් පොකට් එකේ හැංගෙන්න.....
පැය බාගයක් කොට්ටම්බා ගහ මුල බංකුවෙ ඉදන් හිටිය දිල්ට දැන් වතුර වැටෙන සද්දේ ඇහෙන එක අඩුවෙලා තිබ්බේ....නිහැඩියාව බිදිලා ගිහින් ළමයි එක්කෙනා දෙන්නාගේ කටහඩවල් කෙදිරිලි හඩින් දිල්ට හැහෙන්න ඇරන් තිබ්බා......
" ඔයා මෙතනද මන් ඒත් බැලුවා කෝ කියලා බෑග් එක තිබ්බට... "
'' මොකෝ අද කලින්.... "
'' නිකන් කලින් එන්න හිතුනා.... ඔයාත් වෙනදට වඩා කලින් නෙ... බස් එකේද ආවේ.... "
" නෑ අප්පච්චිත් එක්ක ආවේ... එයා අද ත්රින්කෝ යනවා කීවා....ඒ ගමන් මාත් ආවා... "
" ම්ම්ම්.... "
එතනින් පස්සේ තිබ්බ නිහඩියාව කවුරුත් නැතිකරේ නෑ.... තව ටික්කින් දිල් ඩියුටි යන්න යයි.... දිල් වගේම යසසිත් මෙතන තනිවෙයි.....
" ඔහොම ඉන්න එපා මදාරා... අපේ හිත් දුරයි වගේ එතකොට.... මොනවා හරි කියන්නකෝ.... "
" අපි මේ ලෝකෙට අමුතු මිනිස්සුද ස්වප්නා....''
" ඔව් අපි විතරක් නෙමේ මේලෝකේ හැම මනුස්සයෙක්ම අමුතුයි.... ඒ හැමකෙනාම එකිනෙකාට වඩා විශේෂයි....කොහොමද දන්නවද එහෙම වෙන්නේ... "
" කොහොමද.... "
" ඉස්සර අපි හිටියේ මීගමුනේ.... මන් ගියපු ඉස්කෝලේට මට පයින් ගිහැකි... මට අම්මා තත්තා එක්ක චර්ච් යන්න හම්බෙන්නේ හුගක් අඩුවෙන් හැබැයි මන් එහෙ ඉද්දි හැමදාම චර්ච් ගියා ඉස්කෝලේ ළගම තියෙන නිසා.....එහෙ සිස්ට මාර විදිහට හිත් හදනවා......
එයා තමා කිවේ අපි හැමෝම මේ ලෝකේ විශේෂ අය කියලා..... අපි හැගීම් වලින්, දක්ෂතා වලින් රුපෙන් , හදවතින් අපි කොයි දෙකින් හරි විශේෂයි....."
