" චූටි බබා.. තත්පරයක් ඉන්න බබා කෑම එක දානකම්"අත්තම්මා කෑම එක පැක් කරනවා.. ඒ අස්සෙ අර හිවලා හොන් ගහනවත් එක්ක..ඒක උඩ වාඩි වෙලාද මන්දා.. මම එලියට ගිහින් තත්පරයක් ඉන්න කියලා අතින් පෙන්නුවා. ඊට පස්සෙ අත්තම්මා කෑම එක බැග් එකට දැම්මාම මම දුවලා දුවලා ගිහින් බයික් එකට නැග්ගා.. අපි ඊට පස්සෙ කැම්පස් එකට ඇවිත් පුරුදු විදියටම අපේ ලෙක්චර් හෝල් එකට ගියා. මලෙ පිටිපස්සෙන් හිවල් පැටියත් ආවා..
අද නම් Professor එන්න පරක්කුයි වගේ.. මම ඒ නිසා ඔහේ කම්මුලට අත තියාගෙන ඉස්සරහා බලාගෙන හිටියා. හිවලා මගෙ බෑග් එකෙන් චොක්ලට් එකක් අරගෙන ඒක කනවා.. ඒ අස්සෙ උගේ වගේ මටත් කෑල්ලක් කැව්වා.. අපිට වම් පැත්තෙන් පේලි දෙකක් විතර ඉස්සරහින් හිටපු කෙල්ලො හතරදෙනෙක් අපි දිහා බල බල සැරින් සැරේ හිනාවෙවි හිටියා.. උන් ඉතිං ඔහේ සිරික්කිය දම දම හිටියා.. මට මොකද මමත් ඉස්සරහ බලාගෙන හිටියා මට තවමත් අර මිනෝල් කියන එකා එක්ක තරහයි. ඒ අස්සෙ අලෙ හිවලා නම් අර කෙල්ලන්ට බොරුවට ලයින් දානවා.. උන් නැගිටලා බෑග් ටිකත් උස්සගෙන අපි ඉන්න ඩෙස් පේලියේම ඉස්සරහින් වාඩි වුනා..
" are you guys a couple?"
" you guys so cute.."
" නියමෙට මැච් වෙනවා.. හරිම කියුට්"
" වාව්.. මට ආසයි ඔයාලා වගෙ දෙන්නෙක්ව ආශ්රය කරන්න."
" ඔව් මාත් ඒ වගේ"
ඒ කෙල්ලො හතර දෙනා ටක වනනවා වගේ කියවගෙන කියවගෙන ගියා.. මට තවත් තරහයි. ඒත් මම බොරු හිනාවක් මූනට ගත්තා. ඒ අස්සෙ මේ හිවලා චොක්ලට් කවන්න හදනවා මට තවත්..
" ආ නැ නංගේ.. අපි හොදම යාලුවෝ.."
මේ හිවලා හොද වෙලාවට එහෙම කිව්වෙ නැත්තම් තවත් ඒ කරච්චලේ අහගෙන ඉන්න එපැයි.මොනව නැතත් හොද එකා.. මම උ කවපු චොක්ලට් කෑල්ලත් කන ගමන් ඔල්ව වැනුවා.ඉතිං සයාන් මං වෙනුවට කතා කරන්න ගත්තා
" අපි ඉස්කෝලෙ යන කාලෙ ඉදලම හොදම යාලුවෝ. මේ ඉන්නෙ මගෙ best friend.. හැබැයි පොඩි අවුලක් මගේ එකාට කතා කරන්න බැ..ඒත් හොදට ඇහෙනවා."