15 වන පරිච්චේදය

72 13 0
                                    















අපි වාහනේට නැගලා කෙලින්ම ගියේ මිනෝල් ඉන්න ගෙදරට. ගෙයක් කිව්වට ඒක හොටෙල් එකක් වගේ. ඩිලනුත් එහේනේ..අපි යනකොට මිනෝල් ලිවින් ඒරියා එකට වෙලා phone එක බල බල හිටියා. මම යනකොට එයා ඒකත් සාක්කුවෙන් දාගෙන මාත් එක්ක හරිම සොෆ්ට් විදියට හිනාවෙලා මට ඇහැක් ගැහුවා. මමත් එයා එක්ක හිනාවෙලා කොලම පපා එයා ලගට ගියා.

ඒ එක්කම කෝල් එකක් ඇවිත් අර ෂනුත් කාරයා මූනත් අමුතු කරගෙන එලියට ගියා මං දැක්කා. එයාගෙ පස්සෙන් අරුත්ශ අයියත් ගියා.මේ දෙන්නා යාලුවො විතරත් වෙන්න බැ.

" අඩො උඹලා ආවද? කෝ පොඩි අයියා"

" අන්න එලියට ගියා"

" අඩො මේ බෑග් ටික වාහකේද දාමු බං පරක්කු වෙනවනේ"

ඩිලනුයි මිනෝලුයි දෙන්නා බෑග්ස් ටික අරගෙන ගිහින් වාහනේට දාලා ආයෙම ගෙට ඇවිත් අමුතු හිනාවක් දාලා මිනෝල් සිහා බලලා එත පැත්තකට ඇවිදගෙන ගියා. විනාඩි පහක් විතර ගියා.. උ ගොඩක් ගනන් වර්ගයේ විස්කි එකක් උස්සගෙන එ පැත්තෙ ඉදලා සාලෙට ආවා.

" මාව තමයි අහුවෙන්නෙ පගෝ"

" අංකල් මට බනින්නෙ නැනේ"

" අම්මා මාව හමගහයි"

" අනේ පැලෑං යන්න"

ඩ්ලන් ඒක එයා ඇදගෙන හිටපු ජැකට් එතේ ඔතාගෙන අපි එක්ක එලියට ගියා. එතකොටම වගේ වාහන තියෙන තැනට අර ෂනුත් කාරයයි කන්නාඩි අරුත්ශයි ආවා.. අපෙ සයාන්ටත් අර කන්නාඩියව දකිනවනම් ඊට වඩා දෙයක් නැ.ඇබරෙනවා ඉවරෙකුත් නැ මම හොදයි තව.

" ඩිලන් මල්ලි මටයි අරුත්ශටයි එන්න වෙන්නෙ නැ දැන්ම ඔයාලා වෙහිකල් එකක් අරගෙන යන්න අපි දෙන්නා දවල් වෙලා අනිත් වෙහිකල් එකෙන් එන්නම්"

" අය්යා මොකද එකපාරටම"

"හදිස්සි වැඩක් වැටුනා මල්ලි කොහොමත් ගානට අටක් ඉන්නවනේ.. සීට්ස් මදි වෙන්නෙ නැ ගානට. ඔයාලා යන්නකො අපි හවස් වෙලා එන්නම්"

" හරි අය්යෙ එහෙනම් ඔයාලා පරිස්සමට එන්න"

" හරි හරි අපිට අවුලක් නැ ඔයාලා පරිස්සමට යන්න. මම විලා එකට කතා කරලා කියන්නම්"

නිහඬ සිතුවිලි...Where stories live. Discover now