මම එදා සයාන් ගෙදර ගිහින් බයික් එකෙන් බැස්සා.." මට උඹ එක්ක මාර කේන්තියි ශහිරුවා..යාලුවා නෙවෙයි මගෙ මල්ලි විදියටත් මට මාරම කෙන්තියි තෝ එක්ක"
ආ කියන්න බැරි වුනානේ කලින් සයාන් කියන්නෙ මගෙ ලොකු සීයගෙ එකම පුතාගෙ පුතා.. නැ කමට මට වඩා මාස ගානත් වැඩිමල් නිසා අයියා ඉතිං.. ඒත් ඉතිං යාලුවො වගේ තමය් නිතරම ඉන්නෙ.. එයාගෙ අම්මිත් මලෙ අම්මිගේ යාලුවෙක්.. අපෙ තාත්ති එකපාරක් අම්මි එක්ක මෙහේ ආපු වෙලාවක තමයි අම්මිගෙ යාලුවව ලොකු මාමට මුනගැහිලා තියෙන්නෙ.. ඒත් කොහොමහරි එයාලත් අපෙ අම්මිලට පස්සෙ මැරි කරලා මතක විදියට එයාලගෙ වෙඩින් එක දවසෙ තමයි සයාන්ගෙ තාත්කා එයාගෙ අම්මට ප්‍රොපෝස් කරලා තියෙන්නෙ.. ඒත් කොහොමහරි උ මට වඩා මාස ගානක් වැඩිමල්.. ඒක වෙනම කතාවක්..
දැං ඉතිං මං අර බයික් එකෙන් බැස්ස වෙලාවෙ අරූ මට රවලා ගියා මමත් මගෙ අහින්සක මල් හිනාව පෙන්නලා එයා යද්දිම වගේ ගෙදර ආවා..
මම වොශ් දාලා ඇදට පැන්නා.. දැං ඉතිං ඉස්සරහට පාඩම් කරන්නත් ඕන.. කලින් මම කිව්වට සති තුනයි කියපා අද අපේ ලෙක්චර්ස් කරන ප්‍රොෆෙසර්ස්ලා කිව්වා ඊලගට එන මාසෙ එක්සෑම් කියලා ඒ නිසා අපිට සති දෙකක නිවාඩුවකුත් දෙනව කිව්වා පාඩම් කරගන්න..පොඩි පොඩි එක්සෑම් වගේ නැ ඒවා.. එතකොට නිවාඩුවත් එක්කම තව සති 4 ක්ම තියෙනවා එක්සෑම් එකට..ඒත් මේ පාර අපිට කලින්ම එක්සෑම් වැටිලා අනේ මන්දා..
WhatsApp notification
මගෙ phone එකේ ලොක් ස්ක්‍රීන් එකට එන්නෙ මැසේජ් එකක් ආවා කියන නොටිපිකේශන් එක විතරයි.මමත් ඉතිං මිනෝල් වෙන්න අති කියලා හිතලා වට්ස්ඇප් එකට ගියා.. මට අමතක වුනත් එක්ක එයා ගෙදර ගිහින් කියන්න කියලා කිව්ව එක..මම මගෙ වට්ස්ඇප් එක ඕපන් කරලා බැලුවා.. මැසේජ් එකක් ඇවිත් තමයි ඒත් ඒ මිනෝල් නම් නෙවෙයි.. ඒ ෂනුත් අයියා..
"Shahiru I talk to this doctor. I have meeting with her this Saturday. so if you're free this Saturday let's go to meet her with me..."
"And don't worry about your grandparents.. I told them"