මම ආයෙම ඇහැරුනේ උදේ අත්තම්මා කතා කරන සද්දෙ නිසා.. මම එහෙන්මම ඇදේ පෙරලුනා..පොඩ්ඩක් ඉන්න!!!!!!!!!!
මම කොහොමද ගෙදර ආවෙ?!
දෙවියනේ!!!
මම ඊයෙ රැ හොදටම බීලා නේද හිටියේ.. ඒත් මට හරියට මතක නැ නේ..
මම ඇදෙන් නැගිටලා ඇදේ වාඩිවෙපා නියපොතු හපන ගමන් රෑ වුන ඒවා එකින් එක කල්පනා කලා..
රෑ ගේම්ස් ප්ලේ කරා.
බිව්වා..
සයාන් එක්ක නැටුවා...
මිනෝල් එක්කත් තව බිව්වා නේද
චික් ඒ මනුස්සයා හිතුවද දන්නැ මම මහ බේබද්දෙක් කියලා.ආයෙ මොනවද කලේ ..
මතක් කරපන් මිනිහෝ මතක් කරපන්.ඊට පස්සෙ මම පම්ප් එකක් දාන්න ගියා.. ආයෙ මට එනකොට කැරකිල්ලත් ආවා නේද.. හරි හරි දැම්මා මට.. ඊට පස්සෙ මොකද කලේ. මම ආවා කාමරේට..
Wtf!!! No way! no way! no.. never!!
Wtf!! මම ඒ යකාව කිස් කලාද?!! මොන මතකයක්ද මේ?! මම කිස් කලා?! මම කොයි වෙපාවෙද ඒකගෙ ඇග උඩ නැගගෙන ඒ මනුස්සයව කිස් කලේ..!! අනේ මට තවම වෙරිද කොහෙද ඒ හීනයක්.. මම තවම හීනෙක.. නැගිටපන් නැගිටපන්..
මම මගෙම ඔලුවට ගහගත්තා..
මම මිනෝල්ගෙ බෙල්ල තුවාලවෙන්නපු හැපුවා නේද?!! නැ නැ එයා මලෙ ඉන තද කරපු නිසා මම එහෙම කලේ මට කිචි එතන.. අනේ මේක වෙලා නැ. අනේ මට නම් බැ මේවා දරාගන්න.. මම එයාව කිස් කලේ නැ අනේ අනික එතන අපෙ අය හැමෝම හිටියනේ පස්සෙ මිනෝල් විතරක් හිටියෙ කොහොමද.. අනෙ මට බැ.. මට මූන මතක නැ හරියට.. අනේ මම එයාව තුවාලවෙන්න හැපුවද..!!!??? මම කිස් කලා.. අනේ මට බැ..
මම ඉක්මනට වැනි වැනිම බාත්රූම් එකට ගියා..මට හරිම ලැජ්ජයි අනේ මාව ගිනි ලන්නවා. මම කොහොමද මිනෝල්ට මූන දෙන්නෙ?!! මම බාත්රූම් එකේ කන්නාඩියෙක් බැලුවා.. අනෙ මගෙ තොලත් ඇදුම් කනවා ඒකත් තුවාල වෙලා.. එයා හැපුවා වගේ මතකයි.. අනේ මට බැ. මම ටී එක උස්සලා මගෙ ඉන බැල්වා අතකින් මිරකපු පාර දෙපැත්තෙම තියෙනවා. ඒ කියන්නෙ!! ඒ කියන්නෙ ඊයෙ මම එහෙම!! අනේ මට බැ මම ආයෙ යන්නෙ නැ කැම්පස් එතට. මට බෑ මූන දෙන්න එයාට..