"උඹ එනවද"" ඒයි එනවද නැද්ද කියපං යකෝ"
" අපි ගෙගරි පාර්ක් එකට යනවා නැගිටපං"
...
...
සයාන් කියන ඒවා මට ලාවට වගේ ඇහුනා..ඒත් මට ආයෙම අසිහියෙන් වගේ ඇස්පියවුනා..
...
...
...
මොකද මෙයාලා සද්දයක් වත් නැත්තෙ.. සයාන් කොහෙ ගිහින්ද මන්දා..
මට ඇහැරෙනකොට කාමරේ කර්ටන්ස් දාලා තිබුනෙ එච්චර ලොකු එලියක් තිබ්බෙ නම් නැ.. හැබැයි වට පිටිව හරිම නිශ්ශබ්දයි ඒත් ඒ රෑ නම් නෙවෙයි.. උදෙත් නෙවෙයි.. මම phone එක අරගෙන වෙලාව බැලුවා..
වට් ද හෙල් දෙවියනේ මම එකොපහ වෙනකන්ම නිදාගෙන පැය දහයක් විතර විදාගෙන නේද මම.. මොකක් අරූට මට ගහලා හරි ඇහැරවන්න තිබුනා..මම පෝන් එකත් පැත්තකට දාලා ඇදෙන් නැගිටලා යොශ්රූම් එකට දිව්වා.. ඇගට හරිම අමාරුයි... මම ගිහින් මූනත් සෝදගෙන දත් ටිකත් මැදගෙන පහලට ගියා.. කවුරුවත් නැහැ.. හැමෝම ගිහින්ද කොහෙද... මම ඉතිං පෝන් එකත් අරගෙන සයාන්ට මැසේජ් එකක් දාන ගමන් පහලට තට්ටුවට ආවා..
මම ඔහේ ඒකෙ තියෙන sofa එතටත් පැනලා ටීවී එකත් දාගෙන HBO family එකේ ගියපු Hotel Transylvania 1 බලන්න ගතිතා.. ඒ වෙපාවෙ ඒක පටන් අරගෙන තිබුනේ..
" finally you're awake-up"
මම ක්ශනිකව හැරිලා බැලුවා.. ශනුත් අයියා ලැප්ටොප් එකත් ඔන් කරගෙන ඩයිනින් ටේබල් එකේ මොකක් හරි වැඩක් ඒත් එයා මං ඉන්න දිහා බලාගෙන හිනාවෙලා හිටියා.. ඇත්තටම මම හිටියෙ බව වෙලා ඒ මනුස්සයා කතා කරපු නිසා මම හිතුවෙ හොල්මනක් කියලා.. දන්නැද්ද ඉතිං තනියම කියලා හිතාගෙන ඉද්දි තව එකෙක් කතා කලාම.. නැතුව මම බය නැ ඔය හොල්මන් වලට.. පිස්සුද මම එහෙම නැ.මමත් ඉතිං ආයෙම මම බල බප හිටපු එක බලන්න ගත්තා.. ඒත් මට ඊයෙ උන දේවල් වලට ශනුත් අය්යා දිහා බලන්නත් ලැජ්ජයි. අවසිහියෙන් වුනත් කරේ මොනවද මම..