මම අපෙ අයව හොයාගන්න බැරුවට වට පිට බල බල දිව්වා මට අපෙ කට්ටියව මගහැරුනා..මට එයාලව පේන්නෙත් නැ පිටිපස්සෙන් අර යක්කු ටිකත් එනවා පේනවා.. හුන්ට අහුවුනොත් මාව කීතු කීතු වලට ඉරහා බාර් එකේ පැච් වහන්න ගනියි..ඒත් එකපාරටම මාව කලුවර තැනකට ඇකිලා ගියා.. කිසිම දෙයක් පේන්නෙ නැ.. බිල්ඩින් දෙකක් අතට යන්තම් තියෙන ඉඩ ටිකක් ඒක අස්සෙ පට්ටි වගයකුත් තියා හරියට ඇතුල පේන්නෙත් නැ.. මම හොදටම බය වුනා හොල්මනක්වත්ද.. මම ඇස් දෙකත් පියාගෙන හිටියෙ.. ඒත් මට හොදටම හුරු සුවදක් දැනුනා..ඇස් අරින්න ඕන නැ ඒ ෂනුත් අයියා.. මට එයා බිත්තියේ වදිනවට මගෙ ඔලුව පිටිපස්සට ැතකුත් කියලා මගෙ පැත්තට බර වෙපා හිටියෙ.. එතන දෙන්නෙකට ටකබාර ඉන්න බැ.. අපි දෙන්නාව පිත්ති දෙක අතරට හිර වෙලා දගලන්නත් බැහැ.. අපිට එහාපැත්තෙන් අර වලි කාරවො ටිකත් කතා වෙනවා ඇහෙනවා.. බයටම මලෙ හුස්මත් හයියෙන් වැඩ.. මගෙ විතරක් නෙවෙයි ෂනුත් ියියගෙ හුස්ම පිටවෙනකොට ඒක ඇවිත් සීතලයි රස්නෙයි දෙකම කවලමේ මගෙ නහයෙ වැදෙනවා.. එයා ට ලගවැඩියි..
මලෙ හුස්ම කලින්ටත් වඩා වේගවත් මම එයාගෙ පුවෙන් තද කරලා අල්ලගත්තා.. තත්පර විස්සක් විතර ගිහින් අපි දෙන්නගෙනම හුස්මෙ වේලය ටිකක් හරි ගියා.. ඒත් හෙලවෙන්නවත් බැ තදයි. මම දගලලා එහාට යන්න හැදුවා.. ඒත් ෂනුත් අයියා මගෙ දිහා බලලා
" දගලන්න එපා සද්දෙ ඇහෙයි"
කිව්වා
ශනුත් අයියා මගෙ මූන පැත්තට පාත් වෙනවත එක්කම මම මූන හරවපු නිසා එයා මගෙ කනට කරලා රහසින් කිව්වා එවාලෙ හුස්මවල් මගෙ කනේ වැදිනකොට මාව නලියනවා වගේ.. මම එයාව තව තද කරලා අල්ලගත්තා.. මම ඒත් එක්කම මූන ටිකක් උස්සලා එයා දිහා බැලුවා.. මම එයාගෙ පපුව හරියට වගේ මිටියි.. ඒත් මම හිටියෙ එතන බිම තිබුනු ගඩොලක් උඩ ඒ නිසා මම එයාගෙ උරහිස හරියට හිටියා..
මම එයාගෙ දිහා බලුවා මට එයාගෙ සුවද හොදටම පුරුදුයි.. කලින් බීපු මහ බියර් වීදුරුව නිසා ටිකක් මත් වීගෙන එනවත් වගේ මගෙ ඔලුව විකාරයි.. ඒත් ඒ දුවද මට හොදට පුරුදු එකක් ඒක මට එකපාරකට වඩා දැනිලා තියෙන එකක්.. ඒක් මට ඒක හොදටම මතකයි ඒ කොහොමද.. මම එයාගෙ දිහා බලාගෙනම කල්පනා කලා.. ඒ එක්කම වගේ එයා මගෙ මූන දිහා බැලුවා.. මම පලවෙනි පාර මම ජීවිතේ පලවෙනි පාරට කොල්ලෙක් එක්ක මේ වගේ අයිකන්ටැක් තියාගෙන ඉන්නෙ.. පාරෙ තියෙන ලයිට්ස් නිසා ිපි දෙන්නට අපිව පේනවා.. ඒත් එියෙ ඉදන් මේ පැත්ත බලන අවට අපිව පේන්නෙ නැ.. එයාගෙ හුස්ම මගෙ මූනෙ වදිනවා..ඒවා ලගයි එයා වේලෙන් හුස්ම ලන්නවා.. එවා මලෙ සිහා බලාගෙනම ඉන්නවා.. මට මේ සුවද මේ උරහිස් මේ බර හුස්මවල් මට ඒවා හුරයි වගේ.. මම හිටියෙ මත් වෙන ගමන්.. මට ලාවට වලේ එදා මම කිස් කර කෙනාගෙ තොල් මතක් වුනා.. මම ඒවා ඇල්ලුවා මට ඒවා දැනුන විදිය හොදට මතකයි මම ඇස් පියාලෙනම ෂනුත් අයියගෙ තොල් මගෙ ඇගිලි වින් හිමීට අතගෑවා.. ඔව් ඒ එයා.. එයාම තමයි.. මගෙ පලවෙනි කිස් එක.. ඒ එයා.. එදා මම බීලා දැකපු විකාරයක් නෙවෙයි ඒ..