ෂනුත් අයියා කාර් එක පාර්ක් එක ඉස්සරහා නතර කරලා ඇතුලට නොයා එතනම පාර්ක් එකට එලියෙ තියෙන සිමෙන්ති මේසයක් ලගට ගිහින් සිමෙන්ති පුටුවතින්ම ඉදගත්තා.. ඉදගෙන මටත් එයා ලගට එන්න කියලා ඇස් වලින් ඉගි කලා.. ඊට පස්සෙ මමත් හිමීට ගිහින් එයාට රවාගෙනම එතනින් ඉදගත්තා.. මට සතපහකට විශ්වාස නැ මේ මනුස්සයව.." ඔන්න එහෙනම් අහගන්න.."
එයා එයාගෙ කඩහඩ දැඩි කරලා හරි කෙල්ම ඉදන් කතා කරන්න ලෑස්ති වුනා මම බිම බලාගෙනම හිටියා..
" මගෙ ඇස් සිහා බලන් ඉන්න ශහිරු.."
ඇගිලි කොනහ කොනහ බිම බලන් හිටියට මොකද එයා මගෙ නිකටින් අල්ලලා මගෙ මූන ඉස්සුවා.. දැං මට එයාගෙ කියුනු ඇස් වලින් ගැලවෙන්න විදියක් නැහැ.. ඒවා හරිම බය හිතෙන ඇස්.. මට චූ බරයිත් වගේ..
" මම ඔයා හිතන තරම් හොද මිනිහෙක් නෙවෙයි.. සාමාන්්‍ය මිනිස්සු කියන විදියට කිව්වොත් මම මැරයෙක් මම පාතාලයෙක් එහෙමත් නැත්තම් මිනීමරුවෙක්.."
මගෙ ඇස් එලියට පනින්න තරම් ලොකු වුනා.. මම කවදාවත් හිතුවෙ නැ එයා.. අනේ දෙවියනේ..
" මම මුලින්ම ඔයාගෙ සීයට සේරම ඇත්ත තත්වෙ කිව්වා වගේම ඔයාට මම කොච්චරක් ආදරෙයිද කියලත් මම එයාට පැහැදිලි කලා.. ඒත් එයා අකමැති වුනා.. එයා බයයි මට ඔයාව පරිස්සම් කරගන්න බැහැ කියලා.. හහ්!! හාහ්හහ්හා.. මම පන වුනත් දෙනවා හිරූ.. ඔයාව පරිස්සම් කරලන්න මම පන උනත් දෙනවා.."
එයා මගෙ ඔලුව අතගාන ගමන් මට ලාවට හිනාවක් දුන්නත් එයාගෙ මූනෙ තියෙන නුපුරුදු පෙනුම එහෙන්මමයි..
" ඔයාට හිතෙනව ඇති මම කොහොමද මෙහෙම කියලා.. නේද? මගෙ තාත්තා ලංකාවෙ කෙනෙක්! ඇත්ත ඒත් මගෙ අම්මා ලංකාවෙ නෙවෙයි.. එයා ඇමරිකන්.. එයාව මගෙ තාත්තට හම්බවෙලා තියෙන්නෙත් අම්මගෙ අයියා එක්ක මීට් එකකට ගිය වෙලාවක.. ඉස්සර මගෙ තාත්තා ඩ්‍රග් ඩීල් කරපු කෙනෙක්.. බට් මම ඒවා කරන්නෙ නැ.. ඩෝන්ට් වොරී.. ඉතිං මගෙ අම්මට ඉන්නෙ මං විතරයි වගේම එයා තාත්තා එක්ක වෙන් වුනාම තාත්තා මාව එයාට දෙන්න බැ කිව්වත් මම බලෙන්ම නිවාඩු වලට මගෙ අම්මා ලඟට ගියා.. මම එතකොට සෑහෙන්න පොඩියි..මගෙ අම්මගෙ අයියා ඒ කියන්නෙ මගෙ මාමා මට සෑහෙන්න එකතුයි.. එයා මට පොඩි කාලෙ ඉදලම සෙල්ලම්බඩු වෙනුවට අතට දුන්නෙ තුවක්කු පිහි අත්බෝම්බ සල්ලි.. මම ලොකු වෙන්න ලොකු වෙන්න එයා මාව එයාගෙ වැඩ වලට හවුල් කරන්න හැදුවත් ඇත්තටම මම අකමැති වුනා.. මගෙ මාමා මැරි කලේ නැ.. එයාගෙ පවුලෙ ඉස්සරහා පරම්පරාවට හිටියෙ මං විතරයි.. මගෙ මාමා සෑහෙන්න තද මැරයෙක්.. මැරයෙක් කිව්වට එයාට මුලු ලෝකෙ වටේම රටවල් එක්ක කනෙන්ශන් තියෙනවා.."