07 වන පරිච්චේදය

104 17 1
                                    













දෙයියනේ දෙයියනේ.. මේ ටෙස්ට් එක හිතුවට වඩා ටිකක් අමාරුයි දව්න ඒවත් පටලවලා අහලා තියෙන්නෙ..මම මූනත් එල්ලගෙන ඔලුව ගහගෙන හිටියා.. කන්න මූඩ් එකකුත් නැ මට නම්..එපා වෙනවා

" දැං උබ අද දවසට යන්නෙ අරූ එක්කද"

" නැ"

" ඇයි ඒ"

" දැං ඔයාට ඕන මාව පන්නගන්නද? මම එන එක කරදරයක් නම් මම එයා එක්කම යන්නම්"

මම බොරුවට තරහ මූනකුත් හදාගත්තා

" පිස්සු හු#තෝ මට එහෙම එකක් නැ. උබලා දෙන්නා දැං සෙට් වීගෙන එන නිසා මං එහෙම කිව්වෙ. මට අවුලක් නැ උබට යන්න ඕන නම් පලයං බං .. ඔන්න ඔහේ මේක හරි සෙට් කරගමු"

මාත් කැමතියි සෙට් වෙනවට නම්.. කොහෙද ඉතිං මට ඒ මනුස්සයව දැක්කාම බය හිතෙනව නේ රෙද්ද..

" කන්නෙ නැද්ද බං"

" බඩගිනි නැ"

" අනේ විකාර නොකර යමං බං"

සයාන්ගෙ වද කිරිල්ල විසාම මම ඉතිං කැන්ටීන් එකට ගියා.. උ මට බනිස් එකකුත් අරන් දුන්නා.. මම ඒකත් අත් දෙකෙන්ම අල්ලගෙන කෑවා.. ඒක රසයි ක්‍රීම් තිවෙනවත් එක්ක.. මට සිහියක් නැ මම ඒක කකා හිටියෙ..

හයියෝ ආයෙම මේ රිටා ආයා මෙන්න.. ආයෙම මගෙ මූන දිහා බලාගෙන ඉන්නවා.. ඇයි මගෙ මූනෙ පෙරහැරත්ද දන්නෑ.. රිටා රිටා.. මම ආයෙම ඒකෙන් කටක් කාලා ඒකා දිහා බැලුවා ඒකා ආයෙම මලෙ කට දිහා බලනවා. මට බඩෙ අමාරුව හැදෙයි යකෝ කට දිහා බලලා..

ඒත් එයා අද දික් කලා.. මම රතු වෙලා එයාගෙ අත දිහා බලාගෙන හිටියේ.. එයා මලෙ තොල හරියෙ තිබුනු ක්‍රීම් වගයක් එයාගෙ මහපටඇගිල්ලට ගත්තා.. මම ලේන්සුව අතට ගත්තා ඒක පිහදාගන්න කියලා. ඒත් කොහෙද මෙන්න මූ ඒක ලෙවකෑවා.. සයාන්ටත් කැස්සක් ආවා ඒක දැකලා..

" මේ බබා මම ටිකක් එහාට යන්නද.. කපල් අස්සෙ ඉදගෙන කන්න අමාරුයි නේ"

උ මට හින්ට් ලහනවා මම හොදට රැව්වා..

" ඒකනම් ඇත්ත හිටපං මාත් එනවා ඩයල් එක"

ඒකටම හරිගිය අර බතල අලියා.. උන් දෙන්නා එහාට ගියාම මේ රිටා මලෙ එහා පැත්තෙන් වාඩි වුනා. මොන ලැජ්ජාවක්ද.. මට හරිම ලැජ්ජයි.

නිහඬ සිතුවිලි...Where stories live. Discover now