37 වන පරිච්දේදය

52 7 5
                                    











"අඩෝ ඉක්මන් කරපන් බං"

" උඹලා ෆැශන් ෂෝ එකකටද බං යන්නෙ?"

" අනේ පලයං යන්න"

අපි කට්ටියත් එක්ක දැං මේ ලෑස්ති වෙලා ගෙදර පිටක් වෙන්න හදන්නෙ... ඒත් අපේ කෙල්ලො ටික පැශන් ෂෝ එකකට යන්න වගේ රෙඩි වෙලා.. මට නම් තවම පට්ට නිදිමතයි ඊයෙ රැ සයාන් එක්ක ගෙදර ආවත් හරි මට ෂනුත් අයියව මතක් වෙලා නින්දක් නැ.. හරියට මගෙ පපුව හිරිවැටීගෙන එනව වගේ.... ඒ වෙලාවෙ මම මාවම කන්ට්‍රෝල් නැතුව කරපු දේවල් නිසා මට මාරම ලැජ්ජයි.. ඇත්තටම මම හිටියෙ එයා නැතුව ලොකු පාලුවකින්.. මම දවස ගානෙ එයාගෙ වීඩියෝස් බැලුවා එයාගෙ කටහඩ අහනවා.. එයාගෙ පොටෝස් බැලුවා මට ඇත්තටම තිබුනු විශේශෙ එයාව සෑහෙන්න දවසකින් ඇත්තටම දැකපු එකයි ඒ සුවද ඒ උනුසුම මට දැනුන එකයි ඒත් ඒ දේවල් මට හිතාගන්නත් බැරි තරමක හිරියක් මගෙ මුලු ඇගටම දුන්නා...

" බබාහ්..  ඔයාගෙ බඩු සේරම හරි නේද?"

සයාන් ඇවිත් මලෙන් මගෙ බඩු ගැන අහනකොට මමත් උගෙ දිහා බලලා ඔලුව වැනුවා

" මි ඔව්"

මම ඒ ටිකත් අරන් සයාන් පස්සෙන්ම එලියට ගිහින් අපේ බඩු ටික සයාන්ගෙ තාතිතගෙ වෑන් එකේ පිටිපස්සෙන් දැම්මා.. අපේ අනිත් සෙට් එකත් සේඑම බඩු ටික වාහනේට දාගන්න අතරේ මම ආයෙමත් අපි හිටපු රූම්ස් දෙක සෝදිසි කලේ මොනව හරි අමතක වුනු දෙයක් තියෙනවද බලන්න.. සේරම බඩු ටික අරන් කියලා මට තේරුනු නිසා මාත් ආයෙම ඇවිත් වාහකේට නැග්ගා.. මම වෑන් එකෙන් වාඩි වුනාට පස්සෙ සයානුත් මග ලගින් ඉදගෙන සොර වැහුවා..

" දැං ඔය ලමයි ආයෙ කවදද එන්නෙ?"

" තව දවස් කුනකින් අන්කල් - අද ගිහින් හෙට ඉදලා අනිද්දා එනවා අල්පච්චි"

" උවමනා කරන සේරම ගත්තා නේද ලමයි?"

"ඔවි~~"

"අවදානම් වැඩ කරන්න එහෙම යන්න එපා හොදද!!"

" හරේ~~"

සයාන්ගෙ තාත්තගෙ දේශනත් අහගෙන ඉන්න ගමන් අපි කට්ටිය උදෙන්ම ආවෙ කලින් කතා කරගත්තු තැනට..ඒ වෙනකොටත් එතනට විස්සක් විතර ඇවිත් තිබුනා.. අපිත් ලිහින් වාහනෙන් බැහැලා බඩු ටික ගන්න හැදුවා සයාන්ගෙ තාත්තා අපිට කිව්වා බස් එක ආවාම බඩු එලියට ගන්න කියලා.. ඊට පස්සෙ ගෞරව එයාලගෙ බස් එකට කෝල් කරලා විනාඩි කිහිපයකින් බස් දෙක අපි ඉන්න තැනට ආවා.. ඊට පස්සෙ දැනට ඇවිත් තියෙන අය ගිහින් බඩු ටිකත් දාගෙන බස් එකෙන් ඉදගන්න අතරේ මමයි සයානුයි බස් එකට යන අයව මාර්ක් කරගත්තා.. නැත්තම් පැටලෙනව නේ.. පැය බාගයක් වගේ යනකොට අපේ සේරම සෙට් එකම බස් වලට ගොඩවුනා.. අපිත් සේරම වට දෙකක් විතර බස් දෙකේම ගිහින් ආපු අයවත් මාර්ක් කරගෙන අපි යන බස් එකට ගොඩ වෙලා අපේ සීට් තිබුන තැනට ගිහින් ඉදගත්තා...








නිහඬ සිතුවිලි...Where stories live. Discover now