31 වන පරිච්චේදය

73 9 7
                                    




 

  
  

මොකක්ද මේ කියන කතාව.... මට රිදෙනකොට මට ප්‍රශ්නයක් වුනාම ඇයි මේ මනුස්සයට රිදෙන්නෙ? අනික මොකක්ද මේකෙ තේරුම? මට ආයෙමත් කලින් වැටුනු වලේ වැටෙන්න ඕන නැ කීයටවත් ඕන නැ.. මම ආවෙ මගෙ හිතේ තියෙන බර ගතිය නැති කරගන්න මිසක් මේ විදිය විකාර නම් අහන්න නෙවෙයි...

" ඇ ඇයි?"

මම ඇහුවා

" ඇයි කියලා මම හරිම වෙලාව ආපු දවසක ඔයිට කියන්නම් ශහිරු... මුලින්ම අපි ට්කක් මේ ප්‍රශ්න අමතක වෙන්න මොකක් හරි කරමු?"

මට තරහ ගන්න බැහැ.. තරහ ගන්න හිතෙන්නෙ නැ මේ ෂනුත් අයියා මෙහෙම කතා කරනකොට.. මට බනින්න බැහැ මමනෙ අනික එන්න කිව්වෙත්.. ඒත් මට දැනගන්න ඕන... වැඩක් නැහැ..

" ම මොකක්ද?"

" අපි  Psychiatrist කෙනෙක් හම්බෙන්න යමු ඒකෙන් ඔය ප්‍රශ්න අඩුවෙයි"

" ම්හ් මා ව පිස් සෙක් වගේ ද පෙන් නෙ?"

මොකක්ද අනේ Psychiatrist කෙනෙක් හම්බෙන්න යන්න තරම් මම පිස්සෙක් නෙවෙයි.. මේ මිනිහා නම්.. මම තව අඩන්න ගත්තා.. උදව් ගන්න ආපු එකාම මෙහෙම නියනකොට..

" අනේ අඩන එක නතර කරන්න ඉතිං"

" ශහිරු... අඩන්න එපා"

" පිස්සෙක් වෙන්නම ඕනද Psychiatrist කෙනෙක් මීට් වෙන්න? අනික මමත් සමහර වෙලාවට ඔලුවට හිතට බරක් වෙන දේවල් මඟහැරගන්න යනවා ඒ වගේ තැනකට.. ඔයාටවත් එතනටම එක්කගෙන යන්නම්"

" අන්ක දරුවෝ ඕනවට වඩා ඕක හිතන්න යන්න එපා.."

" එ ඒත් ම් මිනි ස්සු.. එ එයාලා ම මං ගැන වැර දි යට හිතයි"

" නැ කවුරුවත් එහෙම හිතන්නෑ.. හිතන්න තරම් තවුරුවත් දන්නෑ දරුවෝ.. අනික එහෙම දෙයක් වුනා කියලා අපි ටික ටික අමතක කරමු.. අමාරුයි තමයි.. ඒත් අමතක කරමු.."

" එ ඒත් ම ට ර් රිදෙනවා"

මම ඇස් අගින් කදුලු බේරෙන ගමන්ම බිම බලාගෙන කිව්වා..

" දැං කොහෙද රිදෙන්නෙ? ම්ම්ම්?"

මම ෂනුත් අය්යගෙ අත අරගෙන මගෙ වෙගෙන ගැහෙන පපුව උඩින් තිබ්බා..

නිහඬ සිතුවිලි...Where stories live. Discover now