Part 32

68 2 0
                                    


"ආ.. මේ..නංගා කට වචනෙට කිව්වට මොකද මේ අයියා ට්‍රේන් එකේ ආවේ.. "

ඊට පස්සෙ ඌ ඒකි එක්ක මාර චැටක් දාලා නම්බර් එක ශෙයා කරගෙන අවසානෙදි බත් කන තැනටම වැඩේ ඇද්දා..

" අනේ නංගා මේ අයියලා දෙන්නා වතුර පොදක් නැතුව මන්නාරම් බොක්කෙ ඉදන් මේ ආවේ මගේ හර්දයාන්ගම බොක්කෙ තියන ආතරේ ප්‍රකාස කරන්න.. අපි ඉතින් දැන් ආයෙ යන්න එපැයි කෙල්ලෙ.. "

" ආ.. මේ අයියලා ආවෙ කිලිනොච්චි ඉදන් නෙමේද.. "

" නෑ... මේ කිලිනොච්චි ඉදන් මන්නාරම් බොක්කට ගිහින් තව පොඩ්ඩෙන් බොක්ක රත් වෙන්න කනේ පාරක් කාලා දුවපාආආආආ.....න් "

ඒ මොන හුයන්නක්ද ඒ උනේ... කා එකක්..මල මගුලයි දිලූලගෙ ගෙදර ගාව කා එකක් නවත්තලා හෝන් කරලා කරලා බැරිම තැන ඒක යන්න යද්දි මේ හරකා මාව ඇදගෙන අර කෙල්ලගෙ ගෙදර පිටිපස්සෙ තාප්පෙ ගාවට ඇදගෙන ගියා..

"ඇයි බන් දිව්වෙ.. ආයිශ්.. මේ මාව කසනවා යකෝ.. "

" මන් දැක්කෙ අංකල් වගේ බන් ඒකයි.. කියන්න බෑනේ.. ඔය ඔය රට පොහොන් කන්නෙ නැතුව ඉදපන් පුතේ..ඕවා  ගාගන්නෙපා කසන්න පුලුවන්... "

" අනෙ මේ.. මට කියලා ඇට දෙක කහගන්නෙ නැතුව ඉදින්.. මට එපා වෙලා මේ ඉන්නෙ.."

" තව සුට්ටයි.. ඔය ආපු එකේ වරෙන් මෙහෙ.. "

ඌ මාව තාප්පෙ පිටිපස්සෙ ගේට් එක ඇරලා ඇතුලට තල්ලු කරලා ඌත් ඇවිත් ගේට් එක වැහුවා.. අර ජංගිය එලියට ආවා..

" ආ... මේ නංගා.. ඉතින් දුර ඉදන් ඇවිල්ලත් නංගගෙ මූන දුර ඉදන් බලලා යන්න බැරි නිසා මේ ඇතුලට ආවේ... වතුර ඩිංගිත්තක් නැතෙයි.. හරියට බඩගිනී මැනිකේ.. "

ඊව්.. මූ මෙහෙමද දන්නෙ නෑ රවි අයියව දැලේ දා ගත්තෙ... මට නිකම් කිචි වගේ..

" අනෙ අයියේ කෑම ටිකක් කාලාම යමු එන්න ඇතුලට.. අයියා කියන්න මන් කැමති දෙයක් හදලා දෙන්නම්.. "

ඌ උගේ දොලදුක් කෑම ලිස්ට් එකට සැන්විච් වගේකුයි පැස්ටා වගේකුයි මෙලෝම ගැලපීමක් නැති යව්වනයේ පොපියන චමත්කාරයයි ගෙන්න ගත්තා..

මාත් ඉතින් අනුන්ගෙ පානෙන් එලිය බලනවා වගේ අරූගෙ මහන්සියෙ වතුරෙ නොයා කෑවා.. කාලා මෝඩ සිමන්ලා වගේ ආයෙ එන්නම් කියලා ඉස්සරහා ගේට් එක ඇරගෙන එලියට ගියේ සිකියුරිටියා අපේ බෙල්ල මුලින් අල්ල ගද්දි..

𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)Where stories live. Discover now