යකෝ මම උබට ආදරේ කලේ මැරීගෙන !"
එකම එක මොහොතකට..........ඔව් එකම එක මොහොතකට මම ගල් ගැහුනා........ඇහුන දේ අදහගන්න බැරි තැන මම ශොක්වෙලා බලන් උන්නෙ මගෙ ඉස්සරහ උන්නු එයා දිහා.......මට ඇහුන දේමද එයා කිව්වෙ........ඇත්තටම එහෙම කිව්වද........මටත් හොරාට මම අඩි දෙක තුනක් පස්සට ගියා........මම තාම උන්නෙ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇහුන දේ මොලේට ප්රොසෙස් කරගන්නගමන්......
කොහමද මම මට දැනෙන දේ විස්තර කරන්න ඕන ? කොහමද.........ඒකවත් මට තේරෙන්නෑ.........මම කොහෙත්ම බලාපොරොත්තු නොවුන දෙයක් එයාගෙ කටින් පිටවෙනකොට පුදුමවෙන එක අහන්නත් දෙයක්ද......මුලු ලෝකයක් ඒ ඇස් ඉස්සරහ තප්පර ගානකට නවතිනකොට මම කලේ වේගෙන් හුස්ම ගත්තු එක........හදවතට හිටි හැටියෙ අධි බැලැති ධාරවන් සැපයෙනකොට දරන්න හරි අමාරුයි........මෙවෙලෙට ඔය ලෝක සම්මුති විපර්යාස මුකුත් බලපාන්නෑ.......එයා මම විතරක් තනි උන පාරක මුලු ලෝකයක් නිහඩවෙනකොට මට තේරෙන්නෑ
ඇත්ත මෙතන අසාධාරණ එයාද ? මමද ? නැත්නම් ඔය කියන දෛවයද?
හැමදාම පැහැදිලිව තිබුන ඒ ඇස්වල බැල්ම මෘදුවෙනකොට එක්කො මට හිතන්න තිබුනා........ඒත් මම බය උනා මේ පාරත් කලින් පාර වගේම මට වැරදේවි කියලා........වේගෙන් ගැහෙන පපුවට අතක් තියාන මම බැලුවෙ මගෙ ඉස්සරහ උන්නු එයා දිහා.........මෙච්චර වෙලාවක්ම කේන්තියෙන් තිබුන ඒ බැල්මෙ බලන් ඉද්දි හැගීම් පිරෙන්න ගන්නකොට මම ඔලුව දෙපැත්තට වැනුවා........වේගෙන් එක දිගට ඇස් පිල්ලම් දෙක තුනක් ගහපු මම කලේ එලියට වැටෙන්න නියමිතව තිබුන කදුලු කැට බලෙන්ම ඇස් අස්සට ඔබාපු එක.........මගෙ ඉස්සරහ උන්නු අලු ඇස් අයිතාරයා දිහා මම එහෙම්මම ඇස් උස්සලා බැලුවා
" ආයම කියන්න "
" ශෙවින් "
" ආයම කියන්න අයියෙ........මම කිව්වෙ කලින් කියපු දේ ආයම වතාවක් මට ඇහෙන්න කියන්න "
" මම ආදරෙයි ! "
ඒක ඇවිත් ඉතා සියුම් මිමිණුමක්........කනටවත් ඇහෙන්නෙ නැතිවෙන්න රශේන් අයියා එහෙම කිව්වත් මොකද එවෙලෙ මට ඒක ඕනවටත් වඩා හොදට ඇහුනා........' මම ආදරෙයි ! ' එතන තිබුනෙ වචන දෙකක් විතරක් උනත් මොකද හතවදට රුධිර කේශ නාලිකා වලින් ලේ පොම්පකරන වේගය වැඩි කරන්න ඒ වචන වලට පුලුවන් වෙච්චකොට සමහර වචන කියාගන්න ඕන උනත් පුලුවන්කමක් තිබුනෙ නෑ
YOU ARE READING
ආත්ම ස්පර්ශ 🌼🌼 |ONGOING|
Fanfiction" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්ස...