did you !

17 6 11
                                    


හොබී ටේගෙ අත තද කරලා මිරිකුවෙ ෆිල්ම් හෝල් එකට හිටිහැටියේ ම කඩාපැනපු කලු ඇදගත්ත මිනිස්සු දිහා බලන ගමන්.

" ටේ යංකෝ..."

" ඇයි අනේ...ආපු වෙලාවෙ ඉදන් චුරු චුරු ගාන්නෙ බං..."

ටේ කිව්වෙ ෆිල්ම් එකට ම අවදානෙ දෙන ගමන්.

" මිනිහෝ...උබට තේරෙන්නෙ නැද්ද...අර ආපු සෙට් එක මෙතනට ආවෙ හොදකට නෙවේ කියලා..."

හොබී කිව්වෙ විමසිල්ලෙන් ඉස්සරහ පිටිපස්සහ බලන ගමන්....ඒත් එක්කම හොබී දැක්ක දේත් එක්ක එයාගෙ ඇස් ලොකු උනා...එයා ඉස්සර බලාගෙන ම ටේගෙ අතට ගැහුව.ටේත් මාර එපාවුනු පෙනුමකින් හොබී පෙන්නපු දිහා බැලුවත් එක සැරේටම ටේගෙත් ඇස් ලොකු උනේ එයා දැකපු දේත් එක්ක.

" අනේ ඕයි අපි යංකො බං...ඒ මිනිස්සු ලග ගන්ස් තියනව...තමුසෙම දැක්කනෙ..."

හොබී කිව්වෙ ටේගෙ අතින් ඇදගෙන ම නැගිටින ගමන්...ටේ තාමත් මුකුත් හිතාගන්න බැරුව ආයෙත් සැරයක් ඉස්සරහ බැලුව.

දැන් දැන් ෆිල්ම් හෝල් එකේ හිටපු මිනිස්සු ටික ටික ෆිල්ම් එක පැත්තකට දාලා නැගිටල යන්න ගත්තෙ එකිනෙකා තල්ලු කරගෙන.ඒ අතරෙ කලු ඇදගත්තු ගෑන්ග් එක ගන්ස් පොයින්ට් කරගෙන කෙලින් ම ගියේ ෆස්ට් රෝ එක පැත්තට.

" යං.."

ටේත් අන්තිමට නැගිට්ට. හොබී සැනසුම් සුසුම් හෙලල ටේවත් ඇදගෙන ෆිල්ම් හෝල් එකෙන් එලියට ගියේ පුළුවන් තරම් ඉක්මනින්...

" පුහ්..මොකද්ද ඒ උනේ...මට නම් හිතාගන්න බෑ..."

හොබී කිව්වෙ ෆිල්ම් හෝල් ටේත් එකෙන් එලියට ඇවිත් ෆිල්ම් හෝල් එක ඉස්සරහ ම තිබ්බ බස් හෝල්ට් එකට ගියාට පස්සෙ.

" මට හිතෙන්නෙ උන් කවුරුහරි මරන්න ආවා කියලා...උබ මොකද්ද හිතන්නෙ.."

ටේ කිව්වෙ බස් හෝල්ට් එකේ කනුවකට හේත්තු වෙලා තාමත් කලබලෙන් මිනිස්සු එහාට මෙහාට දුවන ෆිල්ම් හෝල් එක දිහා බලන ගමන්.

" ඔයා කොහොම ද එහෙම කියන්නෙ..."

හොබී ඇහුවෙ මැරතන් එකක් දිව්ව වගේ එයාගෙ මූනෙ තියන දාඩිය පිහදාගන්න ගමන්.

ANGEL 🦋Donde viven las historias. Descúbrelo ahora