what

41 8 6
                                    

ලෙ ඉන්න එකෙක් වත් ඉතුරු කරන්න එපා..."

වාහනෙන් බැස්ස යුන්ගි එයාගෙ ගෑන්ග් එකට කිව්වෙ ෆිල්ම් හෝල් එක දිහා බලන ගමන්.

ඒ අතරෙ මේ හැමදේ ම දිහා බස් හෝල්ට් එකේ ඉදන් බලාගෙන හිටපු හොබී හිටියෙ හොදට ම බය වෙලා...දැන් එයාටත් විශ්වාසයි ටේ කිව්ව විදිහට මෙතන කවුරුහරි මරන්න තමයි යන්නෙ කියලා.

හොබීට තේරුනේ නෑ එයා මොනවා කරන්නද කියලා...ෆිල්ම් හෝල් එක ඇතුලට ගියොත් මේ මිනිස්සු එයාව දකියිද,ඒත් මෙහෙම්ම ඉන්න එයාට කොහොමත් බෑ...ටේ තාම ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවෙත් නෑ...

ඒත් එක්කම වගේ කැබ් වලින් බැහැපු කලු ඇදගත්තු මිනිස්සු හැමෝම වගේ ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා.හොබීට තේරුනේ නෑ ටේ මෙච්චර අවදානමක් අරන් අරක ඇතුලට මොකට ගියාද කියලා...

ඒත් අන්තිමට හොබීගෙ හිත සැහැල්ලු වෙලා ගියේ ටේ ෆිල්ම් හෝල් එකේ වහල දාපු කවුන්ටර් එකක් ලගින් මතු වෙනව දැක්ක ම.

" මිනිහෝ...! මං බය උනා..."

හොබී කිව්වෙ පාර පැනලා එයා ගාවට ආපු ටේගෙ අත මිරිකන ගමන්...ටේගෙ මූනෙ තිබ්බෙත් මහ අමුතු හිනාවක්..

" මේ බලන්න මං මොකද්ද කරේ කියලා..."

ටේ පෙන්නුවෙ එයාගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකක්.ඒක දැකපු හොබීගෙ ඇස් ලොකු වෙලා ගියා.

" මේ කවුද ටේ..."

" වෙන කවුද අරුංගෙ බොස්..."

ටේ කිව්වෙ එයා අමාරුවෙන් ගහ ගත්ත යුන්ගිගෙ ෆොටෝ එක දිහා බලන ගමන්


" හේයි මං ඒන්ජල්..."

ජන්කුක් තාමත් සිහිය නැතුව ඉන්න ජිමිනීව වඩාගෙන එයාගෙ villa එක ඇතුලට යන ගමන් කිව්ව.

ජන්කුක් ජිමිනී දිහා බලාගෙන ම එයාව බෙඩ් රූම් එකකින් පරිස්සම ට තියල ආව.

දැන් තමයි ජන්කුක් ට එයාගෙ බුලට් එකක් වැදිච්ච අත ගැන මතක් උනේ...

" යන්ග් මාස්ට...සර් ජියෝන් සර්ට එන්න කිව්ව...."

" ශිට්...ඇයි..! "

ජන්කුක්ගෙ ගාඩ් කෙනෙක් ඇවිත් කිව්වෙ එයා තමන්ගෙ අතට බෙහෙත් දාගත්තට පස්සෙ...ඒක එච්චර හොද ආරන්චියක් නෙවෙයි ජන්කුක්ට නම්...

" එයාට කියන්න මං එනව කියලා..."

" මං එද්දිවත් ඔයා නැගිටල ඉදීනෙ..බේබි..."

ජන්කුක් කිව්වෙ කට කොනෙන් හිනාවෙල ජිමිනී ඉන්න රූම් එක දිහා බලන ගමන්.


" අනේ සිස්ට...තවත් නම් බලාගෙන ඉන්න බැහැ අපි පොලිසියට කියමු..."

ජෙනී කිව්වෙ හොදට ම කලබල වෙලා...කදුලු පුරවගෙන.

" කලබල වෙන්න එපා මගෙ දරුවො...අපි කියමු..."

සිස්ට කිව්වෙ අහස දිහා බලලා ලොකු හුස්මක් ගන්න ගමන්

Bye❤️

ANGEL 🦋Where stories live. Discover now