ජිමිනී පොඩ්ඩ පොඩ්ඩ ඇස් පිල්ලම් ගහලා ඇස් ඇරිය.එයා හිටියෙ බ්ලැක් කලර් ඩිසයින් කරලා තිබ්බ රූම් එකක ඇදක් උඩ.ජිමිනී එක පාරට ම බය වෙලා ඇදෙන් බිමට පැන්න.එයා කලබලෙන් රූම් එකේ ලොකු දොර ලගට ගිය.ජිමිනී දොර අරින්න උත්සාහ කරත් එයාගෙ අවාසනාවකට ද මන්දා ඒ දොර එලියෙන් ලොක් කරලයි තිබුනේ.ඊලගට ජිමිනී බැලුවෙ එයාගෙ ෆෝන් එක හොයාගන්න පුළුවන් ද කියලා.එයා රූම් එකේ තිබ්බ නයිට් ස්ටෑන්ඩ් එකේ කවුච් එකේ එයාට බලන්න පුළුවන් හැම තැනක ම බැලුව.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අන්තිමට ෆෝන් එක නැති තැන ජිමිනී ව්‍යාකූල හැගීමෙන් ගියේ රූම් එකේ වීදුරු ජනේලෙ ලගට ඒකත් ලොක් කියලා දැක්ක හම ජිමිනීගෙ කකුල් වෙව්ලුව.
ඒ කියන්නෙ නොදන්න තැනක එයා හිර වෙලා ! මීට වඩා නරක දෙයක් කෙනෙක් ට වෙන්න පුළුවන් ද ?.
ජිමිනී බයෙන් ගිහින් ආයෙත් එයා හිටපු ඇද උඩ ඉදගත්ත.දැන් දැන් නම් එයගෙ ඇස් වලට කදුලුත් පිරෙනව.එයාට කිසිම අදහසක් තිබුනේ නෑ එයාව මෙහෙම පැහැරගෙන ආවෙ කවුද කියලා..ඒත් එතකොට ම ජිමිනිට මතක් උනේ orphanage house එකේ දි එයාව අල්ලගත්ත කෙනාව.
දැන් දැන් ජිමිනිට හිතෙන්න අරන් තිබ්බ ඒ කෙනා වෙන්න ඇති අනිවාරෙන් තමන් ව පැහැර ගෙන එන්න ඇත්තෙ කියලා.
" මං කොහොම ද දෙවියනේ මෙතනින් යන්නෙ..."
ජිමිනී මුමුනනකොට එයාගෙ ඇස් වලින් කදුලු කඩා වැටුනා.
ඒත් එක්කම වගේ ජිමිනිට ඇහුනෙ කාගෙහරි අඩි සද්දයක්.ඉක්මන් උනු ජිමිනී ඉක්මනට එයා නැගිටින කොට හිටපු විදිහට ම ඇදට නැගලා ඇස් පියා ගත්ත.
දැන් ඒ අඩි සද්දෙ රූම් එකේ දොර ලගට ම ඇවිත් කියලා ජිමිනීට ඇහෙනව.එයා පරිස්සම් උනා එක පොඩි සෙලවීමක් වත් නොකර ඉන්න.
