02 . එක පිට එක කරදර.....

945 133 299
                                    

කුසුමාට කියලා කෝපි එකක් ම වක්කර ගෙන ක්‍රිම්කැකර් ටින් එකත් උස්සන් මං ආය සාලේට ආවා.. සාලේ තියෙන හාන්සි පුටුවේ හරිබැරි ගැහිලා ඉඳගෙන තේ කෝපී බොන එක මගේ පුරුද්දක්.. අවුරුදු තිස්පහක් ම වෙන්ඩ එන නිසා සීනි රස බිස්කට් වැඩිය කන්ඩ කියන්ඩ හොද නැහැ නොවැ  .. මේ වයසේදී සීනී අමාරුව ආවොත් ඔක්කොම අහවරයි..නීරෝගි කම වටින නිසා මං ඉඳලා හිටලා චොක්ලට් බිස්කට් එකක් කෑවාට නිතර ම කන්නේ ක්‍රිම්කැකර් බිස්කට් .. ම්ම්ම් කෝපී එකට සීනි ගානට කුසුමා දාලා තියෙනවා .. මට කටට රසට තේ උනත් කෝපි උනත් බොන්ඩ ඕනි .. ලන්දේසි සම්බවයක් තියෙන පෝසිලේන් අඩු කෝප්පෙට සීනි හැදි තුන හාමාරක් දැම්මාම තමයි රස.. මං  අද මේ දවසටම කෝපි එකක් බොනවාමයි.. වෙනදා නම් මේ වෙද්දී හතරපස්  සැරයක්ම තේ හරි කෝපි හරි බීලා .. ඇයි උදේ නැගිට්ට ගමන් බොන කිරි කෝප්පේ .. අද ඒකවත් බොන්න උන් නෑනේ උසවී යන්න ඕනී නිසා කෙලින්ම ඉදිආප්ප කෑවේ.. කෝපි බිව්වාට මොකද දැන් නම් බඩගිනියි .. කොහෙද ඉතින් මයේ ආරාණ්‍යා මැණිකේ මතක් වෙද්දී වතුර උගුරක් උගුරෙන් පහලට යන් නැති ගානයි.. කෝපි එක බිව්වේත් ආමාරුවෙන් බොන්න ම ඕනි නිසා .. නැත්තන් ගෑස් එයි බඩට..

" ආ සමන්ත කෝ චූටි අප්පෝට කාම්මරේ පෙන්නුවාද..

සමාන්තයා මගේ කාම්මරේ දිහා ඉදලා බිම බලාගෙන ඔලුවත් කස කසා එද්දි මට තේරුනා මූ අර පොඩි පෝරිසදයාට කාම්මරේ පෙන්නන්න යන්න ඇති කියලා ..මං කතා කරද්දී සමන්තයා ගැස්සිලා වගේ මං දිහා ඔලුව උස්සලා බලලා ආය ඉක්මනින් පහල බලන් කොන්ද නමා ගත්තා .. මේ ගමේ උන් එහෙමයි වලව්වේ උදවිය කතා කරද්දී නැමීගෙන ගෞරවයෙන් කතා කරන්නේ ...

" එහෙමයි එරබදු හාමූ.. අපේ අප්පෝ එරබදු හාමු චූටි අප්පෝ මට දෙහි කැපුවානේ හොඳටම ...

"අර මක්කෙටයි උබ චූටි අප්පොට තරහා ගන්න මොකුත් කරා ද..?

"අනේ නෑ එරබදු හාමූ.. මං ගිහින් මෙන්න මේක තමයි චූටි අප්පොගේ කාම්මරේ කිව්වා විතරයි යකෙක් වගේ ඇඟට කඩන් පැන්නානේ ආය අප්පුහුප්පු ගාන් ආවොත් මරනවාය කියලා .. එරබදු හාමූට කියන්ඩ මට පපුවේ ඇම්මකුත් ආවා බය උනු පාර.. අම්මපා මං බය උනා හොදටෝම ඕන්..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now