23: රුද්‍ර ව්‍යාඝ්‍ර යක්ෂාත්මය...

667 120 144
                                    

" වෙද ආතේ සිහිය එනවා...

" එරබදු අයියා උඹලාට අපිව ඇහෙනවාද ?

හිස පුපුරන්ඩ තරම් කකියනවා.. මං කොහෙද මේ ඉන්නේ මොකද්ද උනේ මට නිච්චියක් නෑ .. ඇස්පිහාටු එකට ඇලවුනු ගානයි.. බොහොම අමාරුවෙන් ඇස් ඇරගත්තේ.. ඇස් අරිද්දි ආරාණ්‍යා කිෂෝර් විතරක් නෙවේ වෙද ආතාත් ඉන්නවා මූනට එබීගෙන... මං ඉන්නේ ඇඳේ නේද...

" ඔහොම තව ඩිංගිත්තක් හාන්සිවෙලා හිටහල්ලා මයේ පුතා.. උඹලාට සිහි ආවා විතරනේ...

ඇඳේ නැඟිටිලා ඉඳගන්ඩ දඟලපු මට වෙද ආතා කියද්දි මාත් එහෙම්මම හාන්සි වෙලා උන්නා.. කවුදෑ මේ මයේ හිස පිරිමදින්නේ.. අහ් මයේ බෝධී.. මයේ හිස ලගින් ඉදගෙන ඒකා චූටී අත්වලින් මයේ හිස පිරිමදිනවා.. පොඩි සනීපයක් දැනෙනවා ඇදුම් කන හිස මත්තට...

" ම..ට..මො..කද..උනේ..

මට හිතාගන්ඩ බෑ මොන මංගල්ලයක් උනාද කියලා මට... ඇයි මං අසනීප වෙලා. මොකද මේ මුන් ඔක්කොම බය වෙලා වගේ... මං මොන මංගල්ලයක් ද උනේ හිතන්ඩ ඔලුව වෙහෙසුවා..

" ඒවා දැන් වැඩක් නැතුවා.. උඹ දැන් හොඳින් නෙවෑ.. ටිකක් ඔහොම්ම හාන්සි වෙලා හිටපල්ලා.. පැය කීයක් නම් සිහි මුර්ජා වෙලා හිටියා කියලාද..

වෙද ආතා මංගල්ලයක් කියවනවා.. ඒ අස්සේ කලින් උනූ සිද්ධි මයේ ඔලුව අස්සේ සිහි වෙන්ඩ ගත්තා.. මයේ ඩියේන් .. ඔව්... මයේ ඩියේන් කසාදයක් කරගන්නවාය කිව්වා... මං සිහි නැතුව ඉද්දි දැක්ක අවලන් හීනයක් ද ඒ.. ඔව් හීනයක්ම වෙන්ඩ එපෑ.. ඩියේන් කොහේ කාසදයක් කරගන්ඩද මාව අත ඇරලා.. ඒකා තාමත් මට නොසෑහෙන්ඩ ආදරෙයි නෙවෑ.. මයේ ඩියේන් ලග තියෙන්නේ තාමාත් මට උරුම සුවඳ.. එහෙව් එකේ ඒකා හිතකින්වත් අන් එකියක්ගේ වෙන් නෑ... වෙන්ඩ හිතන්නෙවත් නෑ .. මයේ පැටියා මගේම විතරයි.. මේ එරබදු සිහිලැල් නියනඟල දෑලබන්ඩාර ට අයිති වස්තුවක් ඩියේන් කියන්නේ.. මං  මැරුනාත් ඒකා වෙන කාගේවත් වෙන් නෑ... මට විශ්වාසයි ඩියේන් ආදරේ වෙන්නේ මට විතරයි... ඒකායේ හිතම මං වෙනුවෙන් වෙන් වෙලා ඉවරයි හිස්තැන් නැතුවම ... එහෙම එකේ ඒකා කොහොමද වෙන එකියක්ව සාහේට ගන්නේ.. සිහිලැල් සිහිලැල් සිහිලැල් උඹලාට පේන්නේම දෝදු හීන නෙවෑ බොල හාමූවෝ.. ඩියේන් ...මට ඒකාව බලන්ඩ ඕනි... මයේ පැටියාගේ මූන දකින්ඩ තදබල ආසාවක් එනවා ඕන් මට... 

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now