19: ඉකි බිඳිමි රහසේ....

687 112 161
                                    

" උඹලාගේ උරුම එකා ලඟට ගනින් එරබදු.. ඒකා ලඟින් ඉද්දි උඹට වේදනව අඩු වෙනවා..

උරුම එකා ලඟට ගන්න ?? වෙද ආතාත් මට කෝචොක් කරනවාද මන්දා.. ඒකා ලඟට ගන්ඩ වෙන්නේ හීනෙන් තමයි.. මයේ පෝරිසද පැටියා ඒකා කීයටවත් මං ලඟට එන් නෑ ආය.. ඒකා හිතන්නේ බෝධී මගෙයි ආරාණ්‍යාගෙයි දරුවා කියාලා.. ආරාණ්‍යා මයේ උරුම එකී කියාලා.. ඉතින් ඒකා මට කොච්චර ආදරේ උනත් බෝධීට බෝධීගේ අම්මාව නැති කරන්ඩ හිතන් නෑ.. ආරාණ්‍යා එක්ක කොච්චර තරහා උනත් ආරාණ්‍යා ව මගෙන් ඈත් කරලා දාන්ඩ ඒකායේ හිත දරුනු නෑ... ඇත්ත කියන්ඩ මටත් බෑ.. දැන් පරක්කුයි..

" වෙද ආතේ එරබදුට දැනෙන වේදනාව නැතිම කරන්න විදිහක් නැද්ද.. painkiller එකක්?

" කිෂෝර් මහත්තයෝ එහෙම දෙයක් තිබ්බා නම් මං ලෝකේ කෙලවරට හරි ගොහින් හොයන් එනවා.. ඒත් මෙතනදි තියෙන්නේ දරාගැනීම විතරයි ..

දරාගන්ඩ නෙවෑ බැරි.. දැනටමත් මං ඉන්නේ දරා ගැනීමේ අන්තේ.. බෝධීව පාලනය කරන්ඩ නැත්තන් මං මේ දැන් උනත් කැමති ජිවිතේ අතාරින්ඩ.. ඒත් මට දරාගන්ඩ වෙනවා බෝධී වෙනුවෙන්.. වගේම ඩියේන් වෙනුවෙන්... ඉදන් උන්නු පුටුවේ ඇන්දට බර වෙලා මං ඇස් පියා ගත්තා ලොකු හුස්මකුත් අරන්.. මට පුලුවන් .. මේක කරන්ඩ මට පුලුවන් ...

" මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ ??

එකපාර පිටිපස්සෙන් ආව කටහඬට මාව උඩ විසික්කා උනා.. ඩියේන් කොහොමද මේ ගේ අස්සේ ඉන්නේ.මං එහෙම්මම ඔලුව හරවලා පිටිපස්ස බැලුවා.. ඩියේන් ඉන්නවා පර්වතේ වගේ හිටගෙන.. . මේකා ඇතුලට එනකන් ම නිච්චියක් උන් නෑනේ යකඩෝ.. අඩුම සුවඳවත් නොදැනෙන ගානට මං මනෝ ලෝකේද හිටියේ.. ආ නෑනේ අද උදේ චූටී පෝරිසද පැටියා කපුරු කුඩු ඉස්සා නොවෑ ගේ වටේ.. ඒකට පින්සිද්ද වෙන්ඩ සුවඳවල් දැනෙන්නෙත් නෑ.. ලඟට ම ආවොත් විතරයි සුවඳ එන්නෙත්..ඔක්කොම හරි ගෙවල් අස්සට ඔහොම එන්ඩ පුලුවන් ද.. මං විතරක් නෙවේ කිෂෝර් ආරාණ්‍යා දෙන්නත් බය වෙලා උන්න තැන්වලිනුත් නැගිට්ටා.. වෙද ආතා නම් අමුතු හිනාවක් කට කොනට අරන් මං දිහාව බැලුවා...

" අහ්.. ඩියේන්.. පුත්..

" මං අහපු දේට උත්තර දෙනවා.. තමුසේට මොන මඟුලක්ද වෙලා තියෙන්නේ ? ඇයි තමුසේ ඔච්චර වීක්..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now