"සිහිලැල්
කොල්ලා මට සිහිලැල් ගාද්දි ඒකාගේ ඇස් මගේ ඇස් එක්ක පැටලුනා .. ඒකා ඇස්වලින් මොනවාද කියනවා. මෙච්චර වෙලා මලානික උනු ඇස් දැන් අමුතු විදිහට දිලිසෙනවා .. මට මේකාගේ සුදු කම්මුලක් මිරිකන්න හිතෙනවා .. හිත කියන්නේ ම අමුතු දේවල් මේකාව දකිද්දි .. හාදුවක් තියන්ඩ හිතෙනවා ඒ අස්සෙන් .. එරබදු උබ මොනවාද මේ හිතන නොහොබිනා දේවල් ..නෑ බන් මං තාත්තෙක් වගේ මේකාට සෙනෙහෙ පාන්ඩ අරන් ඒකයි මට ඔහොම දේවල් හිතෙන්නේ ..
" කියන්ඩ මයේ පුතා .. ඇයි..උබට බඩගිනි නැද්ද ?ඊයේ රෑටත් නොකා නිදා...
" මං තමුසේ ව ඇත්තටම ඉඹින්න ද මගේ එරබදු ?
" අහ්.. ඩි..යේන්..හ්..
මං මොහොතකට ගල් වෙලා ගියා.. ඇහුව දේට මං උත්තර බඳින්නත් කලියෙන් පොඩියෙකා මගේ තොල්වලට ම හාදුවක් තියලා යන්ඩ ගිහිනුත් අහවරයි .. වෙච්ච කෙරිච්ච දෙයක් හිතාගන්ඩ බැරුව මං මගේ තොල් දෙකත් අල්ලන් උඩබිම් බැලුවා ..හැබෑවටම ඒකා මට හාදුවක් තිබ්බාද.. ඇහිපිය ගහන ඇසිල්ලෙන් වෙච්ච දෙයක් නිසා මට හිතාගන්ඩ බෑ .. මට දැනුනා මගේ කම්මුල්වලට ලේ පිරෙනවා .. මාව රත් වෙනවා අපේ කිරි ආතේ.. මගේ තොල් ගිනියම් වෙනවා වගේ මට දැනෙන්නේ.. කවදාවත් මට මෙහෙම දැනිලා නෑ ..මගේම ඇඟිලිවලින් මං තොල් පිරි මැද්දා.. ඒකා මාව ඉම්බා.. ඒකාගේ තොල්පටවල සීතල ඒ තත්පර ගානට උනත් මගේ තොල්වලට දැනුනා.. අයිස් තරම් සීතලයි එව්වා... එච්චර සීතල මයේ ඩියේන් අසනීපෙන්වත් ද.. දැන් උනත් ආය ඔය කාම්මරේ දිහාවට දිව්වේ කන් නැතුව නේද මයේ පොඩි එකා .. අනේ ඇත්තටම මේ පෝරිසද පැටියා කියන එකක් අහන එකෙක්ද..
" ඩියේන් ඩියේන් මේ දොර ඇරියා නම් ...
මං ආය ගිහින් එකාගේ කාමරේ දොරට තඩි බෑවා.. ඒත් නෑ මේකාගේ සද්දයක් .. අසමජ්ජාති කමට මගේ තොල් ඉබලා කන්නෙත් නැතුව ලෙඩ වෙලා මැරිලා යන්ඩ ද මේකා තනන්නේ ඇත්තටම .. පස්ස රත් වෙන්ඩ තලා දාන්ඩ ඕනි මෙකාව නම්..
" ඩියේන්..මං මේක කඩා දාන්ඩ ඉස්සෙල්ලා ඇරියා නම් මයේ පුතා.. උබ මගේ යකා අව්ස්ස ගන්ඩ ඔය තනන්නේ මයේ ඩියේන් !!
" ම්..මට බෑ ! මට දුක හිතුනා ම ඔහොම කරනවා.. මට දුක වැඩි උනාම කාව හරි හග් කරන්න හරි ඉඹින්න හරි ඕනි .. ඒක මගේ පුරුද්දක්..
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Werewolfඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥