පෙනෙනා තෙක් මානේ රැදිලා එදා
හැමදාම වැරදිමයි කලේ දැන දැනාත් ඔයා
නොහඩා සංසාරේ තියෙනා තුරා
යලි නොඑන ඔබට ආදරේ තව තවාත් කළාහිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා.....
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ
ලග නැති ශෝකේ දවනවානේ මගේ ප්‍රානේ
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා.....
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා....දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ
කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා....
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා...... 🥀💔වලව්වේ ඉස්සරහා මිදුලේ පඬිපෙල පටන් ගන්න ගල් බැම්ම උඩ ඉදගෙන මං ඈත අහස දිහ බලන් උන්නා.. වැහි මන්දාරම නිසා රෑ අහස හිස් වෙලා.. ගල් වෙන සීතලක් තියෙන්නේ එහෙන්.. තව ටිකකින් වහීද.. ඉදලා හිටලා අකුනක් දෙකක් පුපුරන අහස දිහා බලන් මං කල්පනා කරා.. කලු පාටින් හිස් වෙලා තියෙන රෑ අහස විදුලි කොටද්දි එලි වෙන අපුරුව ලස්සනයි.. මේ පරිසරය පුදුම තරම් ගැලපෙනවා අලුත බැඳපු ජෝඩුවකට මධුසමය ගතකරන්න.. හදෙන් එලිය උනු අහසකට වඩා සීතල වැඩි වැහි වහින රාත්‍රියක් නෙවෙයිද හැඟිම් අව්ස්සන්නේ.. ඒත් ආදරේ අහිමි වෙලා තනි උන මනුස්සයෙක්ට මේ වගේ රැයවල් ඔක්කොටම වඩා වේදනායි.. මොකද වැස්ස එක්ක හිතේ පරන මතක ඇවිස්සෙනවා.. ඇස්වල ට කදුලු පිරෙනවා එහෙම උන්ට මෙහෙම වේලාවට.. එහෙම උන්ට පුලුවන් මේ වගේ වේලාවට ඇල්කොහොල් බෝතලයක් එක්ක තනි වෙන්න.. හරියට මං වගේ.. වීදුරුවකට දාන් ටික ටික තොල ගානවාට වඩා බෝතලේම කටට තියන් බොන එක හොදයි.. උගුරත් එක්ක පිච්චිලා යනවා සැරට.. ඇස්වලට කදුලු පිරෙන්නේ ඒ සැර දරාගන්න අමාරු නිසා වෙන්න ඇති.නැත්තන් ඉවසන්න බැරි තරම් දුක නිසාද... දැන් මගේ හිතට එන දේ කරොත් මට සතුටක් දැනේයිද.. මගේ ආදරේ නීතියෙන් අයිති උන එකීගේ බෙල්ල මගේම අත්වලින් පොඩි කරලා දැම්මොත් මට හොඳක් දැනෙයිද.. කවදාවත් වරදක් නොකරපු උන්ව නොමරපු අත්වලින් කාටවත් වරදක් නොකරපු අහිංසක කෙල්ලෙක් මරලා දැම්මොත් මට සතුටක් දැනෙයිද... ඔව් මට සතුටක් දැනෙයි.. මොකද මං ඒකීට ඊරිසියායි මැරෙන්න මරාගෙන මැරෙන්න තරමට මට ඊරිසියායි .. දැන් ඒකිව මැරුවොත් මට කුරිරුම සතුටක් දැනෙයි.. මං ආස නෑ ඩියේන් තව දුරටත් මගේ නෙවෙයි කියන හැඟිමට.. ඕනි දෙයක් බෙදාගන්නම් ඒත් ඩියේන්වයි මගේ බෝධිවයි මොකෙක් එක්කවත් බෙදාගන්න මට ඕන් නෑ.. මගේ විතරයි උන්.. එහෙම කරන්න උනොත් ඕනි එකෙක්ව මරලා දාන්න මං දෙපාරක් හිතන් නෑ .. ඕනිම එකෙක් කිව්වාට ඩියේන් බෝධී දෙන්නට නම් ඇඟිල්ලක් තියන් නෑ රිදෙන්න.. මං ගොඩක් ආත්මාර්ථකාමීයි ... ඔව් ඒක එහෙම තමයි.. ඩියේන් ව අයිති තව එකියක් මේ ලොකේ ඉන්න බෑ.. අද රෑම ඒකි මැරෙන්න ඕනි ඒකත් මගේ අත්වලින් ම... ඒත් ඩියේන් නෙවේද කැමැත්තෙන්ම එකී ලඟට ගියේ. මයේ ඩියේන් ඇයි උඹ මට මෙහෙම කරේ රත්තරනේ... උඹ මගෙන් පලිගන්නවාද මං ආරණ්‍යා ව සාහෙට ගත්තාය කියලා හිතාගෙන.. නෑ රත්තරනේ නෑ මාව අයිති උඹටනේ.. උඹේ අයිතිය මං කාටවත්ම දුන් නෑ මයේ ඩියේන් .. උඹව හම්බෙන්න කලින් ආරන්‍යා එක්ක අවුරුදු නවයක් පවුල් කෑව එක හැබෑව.. ඒත් උඹගේ උනාට පස්සේ මං හිතින්වත් වෙන එකියක් ගැන හිතුවේ නෑ.. මං උඹට ආදරෙයිනේ ඩියේන් .. පපුව පැලෙන්ඩ තරම් රිදෙනවා දෙවියනේ.. උඹ කිව්වා ඕක බොරු කසාදයක් කියලා.. බොරු කසාද කරන්නේ ඔහොමද.. එහෙනන් කාටවත් නොකියා පොඩියට ගන්න ඕනි. ඒත් උබ රටටම අනබෙර ගහලා කසාදයක් කරගත්තේ.. ඒක ඇත්තක් උනාත් බොරුවක් උනාත් මට රිදෙනවා මයේ ඩියේන් .. මට හුස්ම හිරවෙන ගානයි.. මාව මැරෙවී මෙහෙම ගියොත්... ඇයි මට මෙච්චර වේදනාවක් දෙන්නේ උඹ මයේ රත්තරනේ.. මීට වඩා හොද නැද්ද උඹ මාව ඔය අත් දෙකෙන්ම මරලා දැම්මා නම්...
YOU ARE READING
විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
Werewolfඅතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥