04 . ඌ මගේ !!!!

829 120 395
                                    

පොඩි ඇම්ඩා පැටියාට මොකද ඒ පාර වෙලා තියෙන්නේ .. රඟපාන එක නතර කරලා කොලුවා ගොවියෙක් වෙන්ඩද දන් නෑ හදන්නේ .. එහෙම උනොත් හොදයි හැබැයි ඔය කෙල්ලෝ ඉබින්න යනවාට වඩා..

" කෝ මගේ බාබන්ඩේසියා ටික !!!

ආරාණ්‍යා මැණිකේගේ කටහඬ නේද ඒ මිදුල දිහායින් ඇහෙන්නේ.. මැණිකේ කොහෙද නියනඟල වලව්වේ .. ආය පස් පාගන් නෑ කියලා නෙවෑ ගියේ.. මයේ කනේ දෝෂයක් ද මන්දා මැණිකේගේ කටහඩ ඇහෙන්නේ..

" ගලවලා විසික් කරා..

ඒ පාර අර පොඩි පෝරිසදයාගේ කටහඩ ඇහුනා හෙන පුපුරන්නා වගේ .. කෝකටත් මිදුල දිහාවට බැහැලා බලන්ඩ ඕනි ..

" කවුද ගැලෙව්වේ ! ඔහේ ද කියනවා ගැලෙව්වේ !

දෙයි හාමුදුරුවනේ මේ ගෑනිගේ කට.. වලව්ව ඉස්සරහා බෙරිහන් තලනවා.. මලගිය උන් ඇවිස්සුනොත් ආරාණ්‍යා මැණිකේ ට මක්ක වෙයිද මන්දා .. මේ බෙරිහන් තැලිල්ලට නිදන් ඉන්න ආත්මත් ඇහැරෙන්න ඇහැකි.. ඊලගට මං එපෑ වද වේදනා විඳින්ඩ .. ආයෙත් පූජාවක් කරන්ඩ වෙයි වෙද ආතා ගෙන්නලා මේ යන විදිහට .. ඔක්කොම හරි වලව්වේ මැණිකෙක් ඔහොම උස් හඬින් බෙරිහන් තලනවා ඇහුනොත් අපේ අම්මා උනත් වලව්වේ හිටියානම් අමනාප වෙයි ..

" මං තමයි ඇන්ටි ඇයි .. බාබන්ඩේසියා ඕනි නෑ මේ වලව්ව ට

මැණිකේට දෙවෙනි නෑ අර පෝරිසද පැටියත් .. ඒක නම් කමක් නැ කියමුකෝ ඒකා වලව් පැටියෙක්නේ.. කටහඬේම තියෙන්නේ වලව් හාමූ මහත්තයෙක්ගේ ගාම්භීරේ.. සාරාංගි අක්කන්ඩි මේකාට අඩු නැතුව වලව් ඇත්තොන්ගේ හඬ පෞරුසේ දිලා තියෙනවා .. ඒක අතකින් මං මොනාද මේ හිතන්නේ නැමි පානාව ඔලුවේ ගහාගත්ත පුරාණ වලව්කාරයෙක් වගේ නොවෑ මගේ මේ හිතන විදිහ .. ගෑනියෙක්ට කෑ ගහන්ඩ අකැපයි පිරිමියෙක් ට විතරයි බෙරිහන් තලන්ඩ හොද කියලා හිතන්ඩ මට ඔලුව හොද නැද්ද මන්දා ..

"ඇන්ටි ? තමුසේගේ ඔලුව හොද නැද්ද මට ඇන්ටි කියන්ඩ..

"ඇන්ටිට ඇන්ටි නොකියා මොන හු*තක් කියන්න ද ?

" ඩියේන්න්න් !!

බාබන්ඩේසියා පාත්තිය තිබ්බ තැන පෝරිසද පැටියයි ආරාණ්‍යා මැණිකේයි මූනෙන් මූන බලන් කුලල් කාගන්ඩ තනනවා.. ඔක්කොම හරි ඇට්ටර කොලුවා වැඩිහිටියෙක් ට කතා කොරන්ඩ දන් නෑ .. කට ඇරියොත් අසභ්‍ය වචනයක්මයි පිට කරන්නේ.. මේකා නිසා මට නැති පේෂර් එනවා කෑ මොර දීලාම..

විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story  Where stories live. Discover now